කොළඹ අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවක දී අදහස් දැක්වමින් අන්තරේ කැඳවුම්කරු ළහිරු වීරසේකර පැවසුවේ මෙවර අලුත් අවුරුදු උදාවේ ප‍්‍රධාන චාරිත‍්‍ර යෙදී ඇති ලබන 14 වැනිදා කොළඹදී උද්ඝෝෂණයක් සිදුකිරීමට තමන් සුදානම් බවයි.
මාළඹේ සයිටම් ආයතනයට එරෙහිව සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් ගැටළු කිහිපයකට විසදුම් ඉල්ලා මෙම උද්ඝෝෂණය සිදු කරන බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.
විශ්ව විද්‍යාල සිසුන් මේ වනවිටත් ස්ථාන හයකදී අට්ටාල ඉදිකර ගෙන සත්‍යග‍්‍රහයන්හි යෙදී සිටින බවයි ළහිරු වීරසේකර වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර මෙම උද්ගෝෂණ වලට මුහුණදීමට පොලිසිය සුදානම් වන බව අපට වාර්තා වේ. බොහෝදුරට වැඩ අල්ලන නැකතට පොලිසියට මෙම සිදුවීමට මුහුණදීමට සිදුවනු ඇති.
[rns_reactions]

