වැඩ කරපු කඩෙන් දවසට 25,000 ගානේ මිලියන 8.5 ක් හොරකම් කරපු හැටි (Video)

වැඩ කරපු කඩෙන් දවසට 25,000 ගානේ මිලියන 8.5 ක් හොරකම් කරපු හැටි (Video)
Spread the love

හඟුරන්කෙත-රිකිල්ලගගස්කඩ නගරයෙ සුපිරි වෙළඳසැලක සේවයකරමින් දිනකට රුපියල් 25000ක් බැගින් සොරකම් කළ එහි සේවයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා හඟුරන්කෙත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම සේවයින් දෙදෙනා 2018 මැයි මාසෙයේ සිට 2019 මැයි 05දා දක්වා මෙසේ මුදල් දිනපතා සොකරම් කර ඇති බව වාර්තා වෙයි.

මෙම වෙළඳසැලේ එදිනයේ ගණුදෙනු අවසානයේ වෙළසැලේ හිමිකරුවාට මුදල් භාරදීමට යාමේදී 5000 නොට්ටු 05 බැඟින් මෙම පුද්ගලයින් දෙදෙනා මෙසේ සොරකම් කර දෙදෙනා අතර බේදාගෙන ඇති බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ. එලෙස සොරකම් කරන ලද මුදල් වලින් අදාළ සැකකරුවන් දෙදෙනා ත්‍රීරෝද රථ දෙකක්ද මිට ගෙන ඇති බව වාර්තා වෙයි.

අදාළ සැකකරුවන් විසින් 2018 මැයි මසෙයේ සිට 2019 මැයි 05 වෙනි දා දක්වා සොරකම් කර ඇති මුළු මුදල මිලියන 8.5කට අසන්න අගයක් බව වෙළඳසැල් හිමිකරු පවසයි. අදාළ සොරකම සිදුව ආකාරය වෙළඳසැලේ ආකරක්ෂිත කැමරාවේ සටහන්ව තිබුණි.

අදාළ සැකරුවන් දෙදෙනා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

-අද දෙරණ-