ආපදා අංශවල පෙර සූදානම හේතුවෙන් වැසි සහිත කාලගුණයෙන් සිදු වීමට තිබූ විනාශයන් බොහෝමයක් වළක්වා ගැනීමට හැකි වූ බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇති වී තිබෙන ආපදා තත්ත්වය හා ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම වෙනුවෙන් ඊයේ (22) මාදම්පේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසයි.
අමාත්‍යංශ නිලධාරීන් ආපදා අංශ මෙන්ම ග‍්‍රාමසේවා නිලධාරීවරයා දක්වා වූ රාජ්‍ය යාන්ත‍්‍රණය මඟින් මෙන්ම පොලීසිය, ති‍්‍රවිධ හමුදාව මෙන්ම මාධ්‍ය ආයතනවලින් ලැබුණු දායකත්වය ඉතා අගය කරන බව එහිදී අමාත්‍යවරයා සඳහන් කල අතර ආපදා තත්ත්වය තුළ මරණ 08 ක් මේ වන විට වාර්තා වී ඇතත් ඒවා නොසැළකිල්ල හා ආපදා අංශ විසින් ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිනොපැදීම හේතුවෙන් සිදුව ඇති මරණ බවට තහවුරු වී ඇතිබව අමාත්‍යවරයා සඳහන් කළේය.
