විග්නේශ්වරම්ගේ දෙමළ ජාතික සංසධය කෑලි 4කට කැඩේ

විග්නේශ්වරම්ගේ දෙමළ ජාතික සංසධය කෑලි 4කට කැඩේ
Spread the love
දෙමළ ජාතික සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් කොක්අඩිචෝලෙයි ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී 
මඩකලපුව දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ පට්ටිරප්පු කොට්ඨාස නායක පී.අරියනේන්ද්‍රන් මහතාඋතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් දෙමළ ජනතා සංසදය මේ වන විට කොටස් හතරකට කැඩී ගොස් ඇතැයි  ප්‍රකාශ කර ඇත. 
එම ජන හමුවේදී ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින්, “උතුරු පළාතේ ඇතැම් දෙමළ නායකයින් මුලදී දෙමළ ජාතික සන්ධානය සමග සහයෝගයෙන් කටයුතු කළා. මේ වන විට ඔවුන්වෙන් වෙලා තනි තනිව මැතිවරණයට තරග කරනවා. උතුරේ පැවැති යුද්ධයෙන් පසු පැවැති සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කර තිබෙන්නේ දෙමළ ජාතික සන්ධානයයි. උතුරේ ජනතාවගේ ගැළවුම්කරුව දෙමළ ජාතික සන්ධානය බව ජනතාව පිළිගෙන තිබෙනවා. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජයගන්නේද දෙමළ ජාතික සන්ධානයයි” කියා සිටියේය.