පසුගිය සතියේ පාසලේ විදුහල්පතිවරයාගේ කාමරයට පැමිණි සිසුවකුගේ මවක් ඇය ඇඳ සිටි ඇඳුමේ උඩුකයේ පිටුපස කොටස සම්පූර්ණයෙන් විවෘතව තිබීම සම්බන්ධයෙන් ඇයට දැඩි සේ අවවාද කළ විදුහල්පතිවරයා නැවත පාසලට පැමිණෙන්නේ නම් සංවරශීලී ඇඳුමින් පැමිණිය යුතු බව පැවසීය.
තමන් අදහන ගරුකරන ආගමික ස්‌ථානයට යන සියලුම දෙනා සිතෙන් පමණක් නොව ඇඳුමෙන් ද සංවරව සිටින බවත් දරුවන්ගේ දෙමාපියන් පාසලකට ඇතුළු වීමේදී ඇඳුමෙන් සංවර විය යුතු බව කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ විදුහල්පති ඩී. බී. සී. දෙනිපාගොඩ මහතා පැවසීය.
රටට සමාජයට යහපත් පුරවැසියන්, උගතුන්, බුද්ධිමතුන් නිර්මාණය කරන පාසල සැබවින්ම පූජනීය ස්‌ථානයක් බවත් පාසලේ ගරුත්වය ආරක්‌ෂාකර ගැනීම පාසලේ අධ්‍යාපනය ලබන දරුවන් පමණක් නොව දෙමාපියන් නිරන්තරයෙන්ම සිතේ තබාගත යුතු බව විදුහල්පතිවරයා අවධාරණය කළේය.
[rns_reactions]

