විද‌ේශ ව්‍යාපෘතියකට ඩොලර් 750,000ක අල්ලසක් ඉල්ලු ඇමතිට කැබිනට්ටුවේදී ජනපතිග‌ෙන් දැඩි ප්‍රහාරයක්…..!

විද‌ේශ ව්‍යාපෘතියකට ඩොලර් 750,000ක අල්ලසක් ඉල්ලු ඇමතිට කැබිනට්ටුවේදී ජනපතිග‌ෙන් දැඩි ප්‍රහාරයක්…..!
Spread the love

පසුගිය කැබිනට් හමුවේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ආවේගශීලීව අදහස් දක්වා තිබේ. ඒ ඛණිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ඉලක්ක කරගෙනය. මැලේසියානු සමාගමකට ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා නොදීම නිසා මෙලෙසින් ජනපතිවරයා විසින් අමාත්‍යවරයාට දෝෂාරෝපනය කර තිබේ. වාර්තා වන අන්දමට සිදුවීම සැකෙවින් මෙසේය.

මැලෙසියාවේ ඛණිජ තෙල් සමාගමක් ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපෘතින් ඇරඹීමට මුතුරාජවෙල කර්මාන්තශාලාවක් අරඹා තිබේ. මෙහිදි ඛණිජ තෙල් පිරිපහදුව, ලිහිසි තෙල් නිෂ්පාදනය සිදුකිරීමට සැලසුම් කර තිබේ. ව්‍යාපෘතිය සදහා එම සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන දහයක මුදලක් දැනටම වැය කර තිබෙන බව සදහන්. ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග එක්ව මෙම ව්‍යාපෘතිය දියත් වේ.

මැලෙසියානු හිටපු අගමැති නජීබ් රසාක් පසුගිය දෙසැම්බර් මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එම සංචාරයේදි ඔහු විසින් මෙම කර්මාන්තශාලාව විවෘත කර තිබේ. කෙසේ වෙතත් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් එම කර්මාන්තශාලාවට අවශ්‍ය බලපත්‍ර තවමත් නිකුත් නොකිරීම නිසා එහි ව්‍යාපෘතින් තවමත් ආරම්භ වී නැත.

කැබිනට් රැස්වීමේදි මෙම බලපත්‍ර ලබා දීම සදහා අමාත්‍ය අර්ජුන රණතුංග විසින් කාලය ඉල්ලා ඇති අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම යෝජනාවටද දැඩිව විරුද්ධ වී තිබේ. ” තවත් කාලය වැය කරන එකෙන් තේරුමක් නැහැ, තවත් කල් නොයවා අදම බලපත්‍රය නිකුත් කරන්න” යෑයි ජනපතිවරයා මෙහිදි නියෝග කර තිබේ.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම කැබිනට් හමුවේදි රජයේ දේශපාලකයෙකු සම්බන්ධව පැමිණිලි එල්ල වී තිබූ බවයි. මෙම දේශපාලකයා විසින් මේ කර්මාන්තශාලාවට අවශ්‍ය බලපත්‍ර ලබා දීමට නම් සිය ඥාතියෙකු හමුවී එක බලපත්‍රයකට ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ පනස්දහස බැගින් දේශපාලන අරමුදල් ලෙස ලබා දෙන ලෙස මැලේසියානු කර්මාන්තශාලාවට දන්වා තිබෙන බවට කැබිනට් හමුවේදී චෝදනා එල්ලවී තිබේ.

මේ අනුව බලපත්‍ර තුන සදහාම මෙම දේශපාලකයා විසින් ඉල්ලා තිබෙන අල්ලස් මුදල ඩොලර් හත්ලක්ෂ පනස් දහසක් (750,000) වන අතර එය ශ්‍රී ලංකා මුදලින් කෝටි 11කට අධික මුදලකි