අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිවරයා අදාළ අංශවලට උපදෙස් දෙයි.
එහිදී මූල්‍ය ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙසත් රජයෙන් ලබාදිය යුතු සියලු සහන පිළිබඳ සොයා බලමින් එම සියලු පහසුකම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් ජනාධිපවරයා වැඩිදුරටත් අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.
එමෙන්ම ජල ගැල්මෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ති‍්‍රවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද උපදෙස් දී තිබෙන ජනාධිපතිවරයා ජනතාවට අවශ්‍ය සුබසාධන සේවාවන් අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන ලෙසට ද සියලූ පාර්ශ්වයන් දැනුවත් කර ඇත.

මේ අතර ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාද දුමින්ද දිසානායක මහතාට අපදාවට ලක්වී ඇති ජනතාවට සහන සැලසීම සදහා අවශ්‍ය කටයුතු කඩිනම්ව සිදුකරන ලෙස උපදෙස්දු න්නේය
එමෙන්ම ජනාධිපතිවරයා අද දිනයේ ග්‍රාම ශක්ති වැඩසටහෙන් ඌව පළාත් වැඩසටහන සදහා බදුල්ල නගරයට ගොස් සිටියදී දුරකථනය ඔස්සේ දුමින්ද දිසානායක මහතාට ආපදා තත්වය පිළිබද කරුණු විමසා ඇත. අවශ්‍ය ඕනෑම පහසුකමක් ඉල්ලන ලෙසද එහිදී ජනාධිපතිවරයා විසින් දුමින්ද දිසානායක මහතාට දැනුම් දී ඇත.

