ලබන මාර්තු 01 වැනිදා ආරම්භ වන අපොස සාපෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් පෙබරවාරි 17 වනදා සිට පෙබරවාරි 25 දක්වා අධ්‍යයන නිවාඩු ලබාදීමට තීරණයකර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (15) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
2020 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 1 සිට 10 තෙක් පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම, විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු ලබාදීම බාධාවක්කර නොගත යුතු බවද ලේකම්වරයා වැඩිදුරටත් දන්වා තිබේ.
එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ 2020 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව එළඹෙන 23වනදා මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරඇති බවයි.