විමල් විරවංශ වටා එක්වෙමින් අගමැතිවරයාට එරෙහිව ගෙන එමට හැදු විශ්වාසභංගය හමස් පෙට්ටියේ දැමු මහින්ද රනිල් ආරක්ෂා කිරිමේ විශ්වාසභංගය මෙහෙයුමක් දියත් කිරිමට කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධයේ විමල්-ගම්මන්පිල කණ්ඩායම මහින්දට චොදනා කරමින් සිටි.
විමල් නායකත්වය දෙමින් අත්සන කරමින් තිබු රනිල්ට එරෙහි විශ්වාසභංගය වහාම ඉවත් කල මහින්ද එය තමන්ගේ නායකත්වය යටතේ තබ ගනිමින් අත්සහන් කිරිමට කටයුතු ආරම්භ කල අතර ඒ සම්බන්ධයෙන් විමල් සහ ඔහුගේ අපාය සහය මිත්‍රයා වන ගම්මන්පිල මේ වනවිට මහින්ද සහ ඒකාබද්ධයේ කිහිප දෙනෙකු සමග ගෙමක් ඉල්ලමින් සිටින බවද දැන ගන්නට තිබේ.
විමල් සිය නිවසට කැදව ඇති මහින්ද රනිල්ට එරෙහිව විශ්වාසභංගය අත්සන් කිරිමට විමල් මැදිහත් විම සම්බන්ධයෙන් ඒකාබද්ධයේ ඇතැම් මන්ත්‍රීවරුන් සිය අකමැත්ත පලකල බවත් ඒ හේතුවෙන් විමල්-ගම්මන්පිල සටන අතහැර දමන ලෙසට නියෝග දුන් මහින්ද එම සටන් සියතට ගැනිමට කටයුතු කර තිබේ.
මහින්ද – රනිල් හමුව..
සාමාන්‍යයෙන් මහින්ද සහ රනිල් අතර හමුවිම් එතරම් විශේෂ හමුවිම් නොවුනත් විශ්වාසභංගය සම්බන්ධයෙන් මහින්ද සහ රනිල් අතර විශේෂ හමුවක් පසුගියිදා පැවති අතර එහිදි රනිල් තමන්ට එරෙහිව ඒකාබද්ධය ගෙන එමට යන විශ්වාසභංගය සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
මහින්ද ගහන්න හදන ඩබල් ගේම් එක….
රනිල්ට එරෙහිව විශ්වාසභංගය ගෙන ආවාද එය ජයග්‍රහණය කරවිමට තමන් කටයුතු නොකර බවට මේ වනවිටත් මහින්ද රනිල්ට දහ අතේ පොරොන්දු දි ඇති අතර පරාජය වන විශ්වාසභංගය හරහා මහින්ද ගහන්න හදන් අලුත්ම් ගේම් එක මේ වනවිට අනාවරණය වි තිබේ.
මහින්දගේ විශ්වාසභංගයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ කණ්ඩායමෙන් උපරිම අත්සන් ප්‍රමාණයට ලබා ගැනිමට කටයුතු කර පසුව විශ්වාසභංගය පරාජය කිරිමට කටයුතු කිරිම හරහා යහපාලන ආණ්ඩුවේ ශ්‍රිලනිප මෛත්‍රී පිළේ මන්ත්‍රීවරුන්ට යන එන මං නැති කර දමන මහින්ද ඔහුන් සියලුම දෙනා ඒකාබද්ධයේ මහින්ද පිළට එකතු කර ගැනිම වන ඒ හරහා එක්සත් ජාතික පක්ෂයට තනී ආණ්ඩුවක් සාදා ගැනිමට අවශ්‍ය මාර්ගය සකස් කර දිමත් ය.
මහින්ද මෛත්‍රී හමුව…
මේ අතර ජනාධිපතිවරයා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජී.එල්. පීරිස්ගේ පක්ෂය අතර මේ වනවිට පවත්වාගෙන යන සාකච්ඡා සාර්ථක වෙමින් තිබෙන බව අනාවරණය වන අතර පොහොට්ටු පක්ෂය සහ ජනාධිපතිවරයා නායකත්වය දෙන සංවිධාන අතර මූලික එකඟතා හතරක් යටතේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග දියත් කිරිමට එකඟ වී ඇත.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී දෙපිරිස එක්ව කටයුතු කිරීම, මැයි දිනය ඒකාබද්ධව පැවැත්වීම, ඉදිරි පළාත් සභා මැතිවරණයට දෙපිරිස එක්ව තරඟ කිරීම සහ ඉදිරි ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයෙකු තෝරා ඉදිරිපත් කිරීම යන කරුණුවලට එකඟව ඊට අදාළ සැළසුම් සකස් කිරීමට තීරණය කර තිබේ.
උපුටා ගැනීම ලංකා ලීක්ස්