විමල්ගේ කීමට කළු කොඩි දැම්මනම් මොදිගෙන් අපට මේ ප්‍රතිලාභ ලැබෙයිද?

Spread the love

බස්නාහිර සහ දකුණු පළාත්වල පමණක් දැනට කි‍්‍රයාත්මක සුව සැරිය 19 90 ගිලන් රථ සේවාව අනෙකුත් පළාත්වලටත් ලබාදෙන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ නෝර්වුඞ් කී‍්‍රඩාංගණයේදී වතුකරයේ ජනතාව අද අමතමින්. මෙම ජනහමුවට එක්වීමට පෙර ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා දික්ඔය රෝහල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවටද එක් වුණා. වතුකරයේ ජනතාව අමතමින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සදහන් කළේ ඉන්දීය රජයේ මූලිකත්වයෙන් වතුකරයේ ඉදිවන නිවාස හාරදහසකට අමතරව තවත් නිවාස දස දහසක් ලබාදීමට කටයුතු කරන බවයි. 

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නෝර්වුඞ් කී‍්‍රඩාංගණයේ පැවති ජනහමුවෙන් පසු දළදා වහන්සේ වැදපුදා ගැනීම සදහා මහනුවරට පැමිණියා. 
 [rns_reactions]