දන්නේ නැහැ මතක නැහැ කියන්න විමල් වීරවංශ මහත්තයා දැන් පටන් අරගෙන තියෙනවා. ඔහුට අමතක වීමේ ලෙඩේ හැදි ඇති බැව් සමාජ සවිබලගැන්වීමේ ඇමැති පී. හැරිසන් මහතා ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගි වීමෙන් පසුගිය දිනකදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.
විමල් වීරවංශ මහත්තයාට කියන්න ඕන මුලින්ම කරුණා අම්මාන් ගෙනවිත් ශ්‍රී ල. නි. පක්‌ෂයේ උප සභාපති කරලා පාර්ලිමේන්තුවටත් ගෙනවිත් ඉස්‌සෙල්ලා ඒ අයට කිරි පෙව්වේ මහින්ද රාජපක්‌ෂ මහත්තයා බව. පිල්ලෙයාන් ගෙනවිත් මහ ඇමැති කරලා එකටයුතු කළේත් ශ්‍රී ල. නි. පක්‌ෂය මගින්. පඩි ගෙව්වා යන්න එන්න හෙලිකොප්ටර් දුන්නා. ඒ විතරක් නෙවෙයි මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ කාලේ ඒ අය දසදහසකට වැඩිය පුනරුත්ථාපනය කරලා අවශ්‍ය පහසුකම් ලබාදුන්නා. එල්. ටී. ටී. ඊ. අය පුනරුත්ථාපනය කිරීම පටන් ගත්තේ ඒ කාලයේ විමල් වීරවංශ ඒ කාලයේ ලංකාවේ හිටියේ නැද්ද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. විමල් වීරවංශට අමතක වීමේ ලෙඩ හැදිලා වගේ මට පේන හැටියට. එතුමා දන්නේ නැහැ මතක නැහැ කියන්න දැන් පටන් අරගෙන වගේ. මෙයා මේවා හිතාමතාකරණවාද අපිව අන්දන්න කරනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේවා රටේ ජනතාව බලාගෙන ඉන්නවා. විමල් වීරවංශ කියන දේවල් රටේ ජනතාව දැන් ගණන් ගන්නේ නැහැ. යහපාලන ආණ්‌ඩුව වැටෙනවා වැටෙනවා කියලා දැන් අවුරුදු ගාණක් තිස්‌සේ කියනවා තවම වැටුණේ නැහැනේ. මේ අයට වෙන්නේ අර එළුවාට වෙච්ච දේ යෑයිද ඇමැතිවරයා මෙහිදී කීවේය.
විමල් වීරවංශ කියන දේවල් රටේ ජනතාව දැන් ගණන් ගන්නේ නැහැ
