විවාහයට අකමැති වූ පෙම්වතාගේ රහස් අවයවය කපලා

විවාහයට අකමැති වූ පෙම්වතාගේ රහස් අවයවය කපලා
Spread the love

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සරාන් දිස්ත්‍රික්කයේ පදිංචි වෛද්‍යවරියක් තම පෙම්වතාගේ රහස් අවයවය කපා දමා ඇති අතර මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව මත ඇයව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පහර කෑමට ලක්වූ පුද්ගලයා, ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු වන අතර, ඔහු මේ වන විට පට්නා වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ (PMCH) ප්‍රතිකාර ලබමින් සිටී.

සැකකාර වෛද්‍යවරිය කියා සිටියේ ඔවුන් පසුගිය වසර පහක කාලය තුළ පෙම් සබඳතාවක් පැවැත්වූ නමුත් ඔහු ඇයව විවාහ කර ගැනීමට අකමැති වූ බවයි. අවසානයේ උසාවි විවාහයකට එකඟ වන ලෙස ඇය ඔහුට ඒත්තු ගැන්වූ නමුත් නියමිත දිනයේ පෙනී සිටීමට ඔහු අපොහොසත් වී ඇත.

ඊට පළිගැනීමක් ලෙස ඇය ඔහුට තම නිවසට ආරාධනා කර ඔහු පැමිණි විට ඔහුගේ රහස් කොටස කපා දැමූ බව පැවසේ. ඔහුගේ කෑගැසීම ඇසී අසල්වාසීන් පොලිසියට දැනුම් දී ඇති අතර, ඔහු ඇඳක් මත ලේ විලක් මැද වැටී සිටිනු දැක තිබේ.

” 25 හැවිරිදි වෛද්‍යවරියක් වන මෙම කාන්තාව ද අවිවාහකයි. අපි සැකකාරියව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා,” පොලිසිය පැවසීය.