විශ්වාසබංගය පරදවන්න හෙට රනිල් සමඟ නොසිතූ බලවේග එකතු වෙනවා

විශ්වාසබංගය පරදවන්න හෙට රනිල් සමඟ නොසිතූ බලවේග එකතු වෙනවා
Spread the love

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කිසිවකුත් නොසිතන බලවේග හෙට (04) වනවිට අගමැති සමඟ එක්‌වන බව එක්‌සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පැවැසයි.
 
 2015 දී ලද ජනවරම මෙම විශ්වාසභංගයේදී පරාජය කිරීමට ඉඩනොදෙන අතර එම ජනවරම පරාජය කිරීමට ආණ්‌ඩුවේ සිට උත්සාහ දරන ජනපදනමක්‌ නැති මැති ඇමැතිවරුන්ට එරෙහිව කටයුතු කරන බවත් ඊයේ (2) සිරිකොත පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කියා සිටි අතර විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලු දේශපාලනඥයන් එක්‌වන බවත් එය ජයග්‍රහණය කරවන බව පැවැසූ ඇතැම් දේශපාලනඥයන්ද අගමැතිට සහාය දීමට සූදානමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.