විශ්වාසභංග යෝජනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යම් හෙයකින් ජයග්‍රහණය කළහොත් සම්මුතිවාදී ආණ්‌ඩුව අවසන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ මූලස්‌ථානයේ ඊයේ (30 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක දී ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කල අතර සුසිල් ප්‍රේමජයන්ත සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුද එය සහතික කළහ.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ කණ්‌ඩායම් රැස්‌වීම ලබන 02 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් එහිදීද මෙම කරුණු තවදුරටත් ස්‌ථිර වන බවත් ඔවුහු කීහ.
යහපාලන රජය තවදුරටත් ඉදිරියට ගෙන යැමේ එකම බාධාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ තනි මතයේ මුරණ්‌ඩු සහගත කටයුතු බවත් පැවසූ එම ඇමැතිවරුන් තවදුරටත් සඳහන් කළේ “රනිල් දැන් හිටියා ඇති ගෙදර යන්න” යනුවෙනි.
එක්‌සත් ජාතික පක්‌ෂයත්, යහපාලන රජයත් සහ රටත් බේරා ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්‌විය යුතු බවත්, ඒ සඳහා ඔහුට අද (31 වැනිදා) සහ හෙට (01 වැනිදා) යන දෙදින ඉතුරුව ඇති බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
අගමැතිවරයා සිය තනතුරින් ඉල්ලා අස්‌වුවහොත් යහපාලන ආණ්‌ඩුව ඉදිරියට යනු ඇතැයිද විශ්වාසභංගයේ කරුණුවලට ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට හදවතට එකඟව විරුද්ධ විය නොහැකි යෑයිද එම ඇමැතිවරු කීහ.
විශ්වාසභංගයෙන් රනිල් දින්නොත් සම්මුති ආණ්ඩුව එතනින් ඉවරයි
