වෙඩි වැදීමකින් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ගේ රෝහල් ගාස්තුවෙන් කොටසක් රජය විසින් පියවා ඇත.
ජනාධිපති අරමුදල යටතේ රුපියල් මිලියනයක පමණ මුදලක් මෙලෙස ගෙවා ඇති බවයි වාර්තා වන අතර රෝහල් ගාස්තුවේ ඉතිරි කොටසද පියවන බවට ජනාධිපති කාර්යාලයෙන් දැනුම්දීමක් කර ඇතැයිද වාර්තා වේ.
