වෙරි පිට ආ රංගේ බණ්ඩාරගේ පුතා රජයේ කැබ්රියක ගොස් නිවසක් කුඩු කරයි (වීඩියෝ)

වෙරි පිට ආ රංගේ බණ්ඩාරගේ පුතා රජයේ කැබ්රියක ගොස් නිවසක් කුඩු කරයි (වීඩියෝ)
Spread the love

හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙනිය – කෝට්ටපිටිය මං සන්ධියේදී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත්‍රයා පැදවූ කැබ් රථයක් අද අලුයම අනතුරට ලක්ව තිබෙනවා.

(වීඩියෝ සඳහා පහළට යන්න)

මෙම කැබ් රථය අමාත්‍යවරයා මීට පෙර කටයුතු කළ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් රථයක් බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර සහ කැබ් රථයේ ගමන් ගත් තරුණයෙකු හලාවත මහරෝහලට ඇතූලත් කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය සඳහන් කළා.

අතුරු මාර්ගයක සිට අද අලුයම පැමිණි කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව කෝට්ටපිටිය මං සන්ධියේ පිහිටි නිවසක් තුළට කඩා වැදී තිබෙනවා.

සිද්ධියෙන් නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේදී පාලිත රංගේබණ්ඩාරගේ පුත්‍රයා බීමත්ව සිට ඇති බව ද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.