ලෝක කම්කරු දිනය අදට (01) යෙදී ඇත. මෙවර මැයි දිනය වෙසක් සතියේ යෙදීම හේතුවෙන් මහ නායක හිමිවරුන් විසින් රජයෙන් කළ ඉල්ලීම් මත මැයි දින සැමරුම් පෙළපාලි 07 වැනිදාට පැවැත්වීමට ප්‍රධාන දේශපාලන පක්‌ෂ තීරණය කර තිබේ.
කෙසේ වෙතත් අදට යෙදෙන ලෝක කම්කරු දිනය සැමරීමට කොළඹ නගර සභාවෙන් ක්‍රීඩාංගණ ලබා නොදීම නිසා වෘත්තීය සමිති ඇතුළු කම්කරු සංවිධාන කිහිපයක් විසින් අද දහවල් 02.00 ට කොටුව දුම්රිය පළ ඉදිරිපිට සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එස්. ඩබ්ලිව්. බණ්‌ඩාරනායක, ටී. බී. ඉලංගරත්න ඇතුළු කම්කරු නායකයන් සැමරීමේ සම්මන්ත්‍රණයක් අද සවස 03.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ.
ජනතා විමුක්‌ති පෙරමුණේ සහ ලංකා ගුරුසේවා සංගමයේ මැයි දින සැමරුම අද යාපනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මියගිය කම්කරු නායකයන් අනුස්‌මරණය කරමින් සැමරුම් උත්සවයක් නාරාහේන්පිට අභයාරාමයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු සූදානම් කර තිබේ.
මේ අතර එක්‌සත් ජාතික පක්‌ෂයේ මැයි රැලිය මැයි 06 වැනි දා සුගතදාස ගෘහස්‌ත ක්‍රිඩාංගණයේ දී ද, ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ මැයි රැලිය මැයි 07 වැනි දා මඩකලපුව චෙන්කල්අඩිහිදිත්, ජනතා විමුක්‌ති පෙරමුණේ මැයි රැලිය මැයි 07 වැනි දා කොළඹ බී.ආර්. සී. පිටියේදීත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිsය මැයි 07 ගාල්ල සමනල ක්‍රීඩාපිටියේදීත්, දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ මැයි රැලිsය මැයි 07 තලවාකැලේදීත් එදින ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි රැලිය නුවරඑළි යේදීත් පැවැත්වීමට නියමිතයි.

