පසුගියදා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයට නව නිලධාරි මණ්ඩලයක් පත් කරගැනීමට කටයුතු කර තිබේ. එහිදී එතෙක් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයේ සභාපති ධුරය හෙබවූ වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා ඉන් ඉවත් කර ඇත.
සයිටම් අහෝසි කිරීමේ සටන අවස්ථාවේ වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් දිගින් දිගටම සයිටම් සටන ඇදි ඇදී ගිය බවත් එය විසඳුමක් කරා ගමන්කරනවා වෙනුවට පටු දේශපාන න්‍යාපත්‍රයක් මත ඔහු කටයුතු කළ බවත් එහිදී දෙමව්පියන්ගෙ දැඩි දෝෂදර්ෂනයටද ලක් වී තිබේ.
නව නිලධාරී මණ්ඩලය පත් කරගැනීමෙන් පසු එම නිලධාරී මණ්ඩලය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ දෙමාපිය හමුවක් කැඳවා ඇති අතර එම අවස්ථාවටද තමන්ව නැවත රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ සභාපති ලෙස පත්කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා පැමිණ තිබේ.
කෙසේ නමුත් එහිදී ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් උරණ වූ දෙමව්පියන් ඔහුව දැඩි සේ දෝෂදර්ශනයට ලක් කර තිබේ. ඔහු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ න්‍යාපත්‍රයට අනුව දෙමාපිය සංගමය මෙහෙයවමින් සයිටම් විරෝධී සටන විනාශ කර දැමූ බවට දෙමවුපියන් සෘජුවම ඔහුට ප්‍රකාශ කර තිබේ.
එදින රත්නපුර දිස්ත්‍රික් දෙමාපියන් කැඳවනු ලැබූවේ සයිටම් ප්‍රශ්නය අවසන්ව නැති බැවිනුත් වෛද්‍ය සිසුන්ගේ මහ පොළ ශිෂ්‍යත්වය කපාදැමීමට එරෙහිව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත්ය.
වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා මෙම අවස්ථාවට සහභාගී වී එදින සාකච්ඡා කඩාකපල් කරන බව පවසමින් වහාම ඉන් පිටව යන ලෙස දන්වා තිබේ.
එහිදී දෙමව්පියන් විසින් වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතාට බැනවදින වීඩියෝපටයක්ද අප වෙත ලැබි ඇත.