වෛද්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ලාබාලතම මහාචාර්යවරයා ලෙස වෛද්‍ය සේනක බිබිලේ තබා තිබූ වාර්තාව අවුරුදු 59 කට පසු වෛද්‍ය චන්න ජයසුමන විසින් බිඳියි…
රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා එම විශ්ව විද්‍යාලයේ භිෂග්වේදය (ඖෂධ විද්‍යාව) පිලිබඳ මහාචාර්ය ධුරයට පත්ව ඇත. ඒ අනුව දැනට ක්‍රියාවට නැංවෙන මහාචාර්යවරයකු තෝරා පත් කර ගැනීමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නීති රීති අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ අඩුම වයසකින් මහාචාර්ය ධූරයකින් පිදුම් ලබන්නේ ජයසුමන මහතාය. එම ධුරයට පත්වන විට ඒ මහතාගේ වයස අවුරුදු 36 කි. මේ සමග 1958 වර්ෂයේ දී වෛද්‍ය සේනක බිබිලේ මහතා වයස අවුරුදු 38 කින් භිෂග්වේදය පිලිබඳ මහාචාර්ය ධුරයට පත්වෙමින් අඩුම වයසකින් එම එම ධුරයට පත්ව තබා තිබූ වාර්තාව ද අවුරුදු 59 කට පසු බිඳ වැටේ.
වෛද්‍ය ජයසුමන රජරට පළාත්වල පැතිර යන කෘෂිකාර්මික වකුගඩු රෝගය පිලිබඳ ප්‍රමුඛ පර්යේෂකයකු ලෙස ද ක්‍රියා කරයි. කළුතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා රජරට සහ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලවලදී පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සිදු කළේය.