ඔහු කියා සිටියේ පහසුවෙන් දඩුවම් ලබාදිය හැකි රාජපක්ෂ රෙජිමයේ දුෂණ වංචා වලට පවා දඩුවම් නොදි ඒවා යටපත් කිරිම මගින් පහසුවෙන් විසඳුම් ලබා දිය හැකිව තිබූ ගැටළුවලට පවා එජාපයේ බලපෑම මත ආණ්ඩුවට විසදුම් විසඳුම් ලබාදීමට නොහැකි වු වගයි…..
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ “අපිට ජයග්‍රහණ බොහොමයක් අත්පත් කරගන්න බැරි වුණා. හොරු අල්ලන්නේ නැතිව අපි මහින්ද රාජපක්ෂට චෝදනා කර කර හිටියා. එජාපය ඩීල් හින්දා හොරු අල්ලන වැඩේදි කකුලෙන් ඇද්දා. ඒ එක්කම එජාපයේ ඔළුවක් නැති නායකයෝ වේදිකාවල තප්පුලමින් කියපු මහින්දට ජම්පර් අන්දන කතා..ප්‍රජා අයිතිය අහෝසි කරන කතා.. එක්ක අපිට එන්න තිබුණු වාසිය නැතිවෙලා අපිට අවාසි වුණා මැතිවරණ ව්‍යාපාරයේදී.” යනුවෙනි.
පළාත් පාලන ආයතනවල කටයුතු සිදු කරන ආකාරය දෙස එක්සත ජනතා නිදහස් සන්ධානය නිහඬව බලා සිටින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
අමාත්‍ය මහින්ද අමරවීර මෙම අදහස් පළ කළේ වීරකැටිය ප‍්‍රදේශයේදී පැවැති උත්සවයකදීයි.