ශ්‍රීලනිපයටයි පොහොට්ටුවටයි කිසිසේත්ම එකතු වෙන්න ඉඩ තියන්නේ නෑ….

ශ්‍රීලනිපයටයි පොහොට්ටුවටයි කිසිසේත්ම එකතු වෙන්න ඉඩ තියන්නේ නෑ….
Spread the love

ගම්පහදී පැවති උත්සවයකික් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ප‍්‍රාදේහීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියාසිටියේ  ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ආණ්ඩුවට සහය දීමට පැමිණියහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව කියා සිටියේය.

ශ‍්‍රීලනිපය හා පොහොට්ටුව  කිසිසේත්ම එකතු නොවන බව හා කෙසේ හෝ එම පක්ෂ දෙක එකතු ූ වුව හොත් නයයි මුගටියයි කසාද බැදීමක් වැනි වැඩක් යයිද කී ඇමතිවරයා මහින්ද රාජපක්‍ෂ වැන්නෙකු සමග වත්මන් ජනාධිපතිට එකට වැඩ කල හැකි යයි තමන් නොසිතන බවත් එවන් එක්වීමකට තමන් ඇතුළු පිරිස ඉඩ නොතබන බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.