ශ්‍රීලනිපය එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අයිති නෑ – මහින්දගෙන් ප්‍රකාශයක්

Spread the love
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අයත් පක්ෂයක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේදී ඇතැම් කණ්ඩායම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම කණ්ඩායමට අදාළ පක්ෂයක් බවට සිතා සිටින බවයි.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් මහින්ද අමරවීර මහතා මෙම අදහස් පල කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමාන සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති රැක ගනිමින් ඉදිරියට ගෙන යමින් සිටින බව  අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

[rns_reactions]