අද 2018 ජනවාරි 02 ඒ කියන්නෙ ලැබුවා වූ 2018 නව වසරේ වැඩ කරන පළමු දිනය(පළවනදා එනම් ඊයේ පොහොය දිනයක් නිසා) ඉතින් ඔන්න 2018 වසරේ වැඩකරන පළමු දිනයේම අපේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඝ , වෙද , ගුරු , ගොවි හා කම්කරු කියන පංච මහා බලවේග එකතු කොට හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් අයුරකින් කිවුවහොත් 2005 එවකට හිටි හොඳ කම්කරු නායකයෙක් වූ මහින්ද රාජපක්ෂට ජනපති වරම් හිමිකරදුන් පක්ෂය දෙකඩ කිරීමේ මහත් වූ පාප කර්මයට උරදෙන්න යන බවට ආරංචි ලැබී ඇත.
ඒ, අද ඔහු සුගතදාස ක්‍රීඩාංගනයේ පොහොට්ටුව නමින් තමන්ව හදුන්වාගන්නා බැසිල් ප්‍රමඛ දේශපාලන අනාතයන් සුළුතරයක් සමඟ අත්වැල් බැඳගෙන නාමල්ව 2025 වනවිට ජනපති අපේක්ෂකයා ලෙස කල එළි දැක්වීමට ඇති පටු දේශපාලන කොණය නිසා පමණක් බව උගත් බුද්ධිමත් පාඨක ඔබ සැමට අලුතින් කියන්න දෙයක් දෙයක් නැත.