ශ්‍රීලනිප අභිනව මහ ලේකම් ලෙස පත්වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ගැන ඔබ නොදත් කතාව මෙන්න..

ශ්‍රීලනිප අභිනව මහ ලේකම් ලෙස පත්වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ගැන ඔබ නොදත් කතාව මෙන්න..
Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ඇති අතර නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව වෙනස්කම් සිදුකර ඇත්තේ පක්ෂයේ ඉදිරි ගමන වෙනුවෙනි.පක්ෂ මහ ලේකම්තුමා ලෙස පත්කර තිබෙන්නේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාවයි.

එතුමා විසින් පවත්වන ලද කතාවෙහි එතුමාට කියවුණු වචනයක් පසුපස යමින් තම තමන්ගේ බුද්ධි මට්ටම් නිරූපණය කරන පිරිසට දැන ගැනීමට, වත්මන් ජනාධිපතිතුමා විසින් මහ ලේකම් තනතුරට පත්කෙරුණ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ මෙම තනතුරට පවතින උචිතභාවය සඳහන් කළයුතුය..


ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය ලබා ගන්නා පියදාස මහතා කථිකාචාර්යවරයෙකු ලෙස කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයට එක් වූයේ 1980 වර්ෂයේදීය. 1983දී ජනසන්නිවේදනය ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගන්නා ඒ මහතා 80 දශකයේ අග භාගයේදී සෝවියට් සමාජවාදී ආණ්ඩුවේ ශිෂ්‍යත්වයක් ලැබ සිය දර්ශන විශාරද උපාධිය සඳහා සෝවියට් රුසියාවට පිටත්ව යයි.

රුසියාවේ මොස්කව් විශ්වවිද්‍යාලයෙන් දර්ශන විශාරද උපාධිය ලබා ගන්නා පියදාස මහතා මෙරටට පැමිණ 1994 පටන් මේ දක්වා මෙරට ජනමාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කාර්යය වෙනුවෙන් සැළකිය යුතු මෙහෙයක් ඉටු කරමින් සිටියි.

යුනෙස්කෝ ජාතික මණ්ඩලයේ, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සහ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරා ඇති මහාචාර්යවරයා මේ වන විට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරයි.

80 දශකයේ අග භාගයේදී වසරේ හොඳම සිනමාකරුවාට හිමි OCIC සම්මානය හිමි කර ගත් පියදාස මහතා විසින් අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපට හා වාර්තා චිත්‍රපට ප්‍රමාණය සංඛ්‍යාවෙන් විශාලය. පුවත්පත් කලාවේදියෙකු, තීරුලිපි රචකයෙකු, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු, ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කර ඇති මහාචාර්යවරයා ශාස්ත්‍රීය සංග්‍රහයන් ගණනාවකට ලිපි සපයා ඇති අතර පර්යේෂණාත්මක කෘති ගණනාවක් ද රචනා කර ඇත.

කලක් විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලයේ සභාපතිරවයා ලෙස ද කටයුතු කළ මහාචාර්යවරයා විශ්වවිද්‍යාල වෘත්තියෙන් විශ්‍රම යන තුරු විශ්වවිද්‍යාලයීය සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු ක‍රන ලදි.


නිවටයින් ලෙස ඵල ඇති රුකකට ගල් ගසනා පිරිසට කිමට ඇත්තේ කලෙක සිට ලෝක ප්‍රජාව සමඟ උරණව ජාත්‍යන්තරයේ හොඳ හිත පළුඳු කොට ගෙන සිට නැවත එම තත්ත්වයෙන් යහපත් පසුබිමකට පැමිණෙමින් සිටින සංක්‍රාන්තික සමයක ශ්‍රී ලංකාවේ පාලන කටයුතු ගෙන යෑමට ජනාධිපතිතුමා මෙවැනි පක්ෂ මහලේකම්වරයෙක් පත් කිරීම ඉතා ඥාණාන්විත තීරණයක් ලෙස පැසසුමට ලක්කළ හැකි බවයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග අර්ථවත් කෙරුමට, රට තුළ පමණක් නොව ලෝකයේම මහා ප්‍රාඥයෙකු ලෙස ගෞරවයට පාත්‍රව සිටින බුද්ධිමත් පක්ෂ මහ ලේකම්වරයෙකු අවශ්‍ය අවධියක එතුමා ගත් තීරණය පක්ෂය වෙනුවෙන් පමණක් නොව සමස්ත රට වැසියන් වෙනුවෙන් ගත් පියවරක් බව කිව යුතුය.