ශ්‍රී ලංකන් හා මිහින් ලංකා අක්‍රමිකතා ගැන සාක්ෂි විමසීම ඇරඹෙයි

ශ්‍රී ලංකන් හා  මිහින් ලංකා අක්‍රමිකතා ගැන සාක්ෂි විමසීම ඇරඹෙයි
Spread the love
ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා සමාගම්වල සිදුව ඇති බව කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අද (04) ආරම්භ වුණි.
අදාළ සමාගම්වල අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය පෙබරවාරි 14 වනදා විශේෂ කොමිසමක් පත් කරනු ලැබූ අතර එම කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා පත් කෙරුණි.
මේ වන විටත් ‍ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා සමාගම්වල සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් කොමිසම වෙත මහජන පැමිණිලි ලැබී ඇති අතර සමාගම් රෙජිස්ටාර්වරයා සහ එහි නිලධාරියෙකුගෙන් අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කරන බව එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය 
අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර් අමරසේකර, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති එම්.ඩී.ඒ හැරල්ඩ් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්,ජේ.කේ ගීගනගේ මෙනවිය කොමිසමේ සෙසු සාමාජිකයින් වෙයි.