ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා එක්සත් ජාතික පක්‍ෂය බලයට ගෙන ඒමේ කුමන්ත‍්‍රණයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා එක්සත් ජාතික පක්‍ෂය බලයට ගෙන ඒමේ කුමන්ත‍්‍රණයක්
Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා එක්සත් ජාතික පක්‍ෂය බලයට ගෙන ඒමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව පෙනී ඇති බවත්, එය පැරදවීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුරුද්ධ පොල්ගම්පොල මහතා එම පෙරමුණෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රගතිශීලී කණ්ඩායම ලෙස වෙනම සංවිධානයක් පිහිටුවාගෙන තිබේ. 

අනුරුද්ධ පොල්ගම්පොල මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද(5) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති මාලාවක් හෝ මෙතෙක් එළිදක්වා නොමැති බව කී පොල්ගම්පොල මහතා එහි නාමයෝජනා පත‍්‍ර කිහිපයක් ප‍්‍රතික්‍ෂේප වන අයුරින් සැකසීම කිසියම් පිරිසකගේ සිත සැනසවීමේ අරමුණින් කළ අභ්‍යන්තර කුමන්ත‍්‍රණයක්ද යන්න ගැන සැකයක් තිබෙන බව ද කීවේය.