ශුරයින්ගේ කුසලානයේ අවසානය සිතල යුද්ධයක් – දිනන්නේ කවුද?

Spread the love

1998 ආරම්භ වූ ශුරයන්ගේ කුසලානය හෙවත් Champion Trophy, මෙවර පැවැත්වුයේ හත්වෙනි වතාවට. මෙහි සත්කාරත්වය දැරීමට ගියවර මෙන්ම මෙවරත් එංගලන්තය තීරණය කළා. පුරා දින 18 ක් පැවැත්වෙන මෙම තරඟ මාලාවේ අවසන් අදියරයි මේ එළඹ ඇත්තේ. ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණි ගත කිරීම් වල ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 8 ක් තෝරාගනිමින් පවත්වන මෙම කුසලානය මෙවර පැවැත්වුයේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදෙශය, පාකිස්ථානය, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව යන කණ්ඩායම් අටේ සහභාගිත්වයෙන්.

දැනට පවත්වා ඇති චැම්පියන්ස් කුසලාන තරඟ 7න් දෙවරක් ඕස්ට්‍රේලියාවද, දෙවරක් ඉන්දියාවද, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් දුපත සහ ශ්‍රී ලංකාව එක්වර බැගින් ශුරතාව දිනාගෙන තිබෙනවා. ( මෙහි එකතුව 8ක් වන්නේ 2002 දී පවතී චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට දිගටම වර්ෂාවෙන් බාදා එල්ලවීම හේතුවෙන් ශුරතාව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෙදී ගිය නිසා ). කෙසේ නමුත් මෙවර කුසලානය දැන් හිමිවීමට නියමිතව තියෙන්නේ ආසියාතික රටකට. ඊයේ පැවති එංගලන්තය හා පාකිස්තාන අතර තරඟයෙන් පාකිස්තානයට පහසු ජයක් ලැබුණු අතර අද දෙවන අවසන් පුර්ව වටය පැවැත්වුනා.

දෙවන අවසන් පුර්ව වටය පැවැත්වුනේ B කාණ්ඩයේ පෙරමුණ ගත් ඉන්දියාව හා A කාණ්ඩයේ දෙවන ස්ථානයේ සිටි බංගලාදේශ පිල අතරයි. ප්‍රථමයෙන් පන්දුවට පහර දිමට බංගලාදේශය තීරණය කල අතර, සුපුරුදු පරිදි තමිම් ඉක්බාල් මෙවරද හොඳ ආරම්භයක් බංගලාදේශය වෙනුවෙන් ලබාදුන් අතර පන්දුවාර 28ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 154 ක් ලබමින් බංගලාදේශ හොඳ ස්ථාවර මට්ටමික් සිටියත්, ඉන්දියාවේ පන්දු යැවීමේ බල ඇණිය යටතේ බංගලාදේශයට පන්දුවාර 50 අවසානයේ ලබාගත හැකි වුයේ කඩුලු 7ක් දැවී ලකුණු 264 ක් පමණි. තමීම් ඉක්බාල් ලකුණු 70 යි, මුස්ෆිකුර් රහීම් ලකුණු 61 යි.

පන්දු යැවීමේදී බුවනේශ්වර් කුමාර්, බුම්රා සහ යදාව් අතර කඩුලු 2ක බැගින් බෙදී ගියා.

ලකුණු 265 ක ඉලක්කයක් හඹා යන්න පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සුපුරුදු පරිදි හොඳ ආරම්භයක් ලබා දීමට ශිකර් දවාන් සහ රෝහිත් ශර්මා සමත් වුනා. ලකුණු 46 ක් ලබා සිටියදී ශිකර් දවාන් දැවී ගිය අතර ඉන් පසු පිටියට පිවිසියේ නායක විරාත් කෝලි. ඉතින් කියන්න ඕනේ නැහැනේ බංගලාදේශයට වුන දේ. පනුදුවාර 40.1 කින් කඩුලු එකක් පමණක් දැවී තම 265 ඉලක්කය වෙත පහසුවෙන් පිවිසීමට ඉන්දීය කණ්ඩායමට හැකි වුනා.

[rns_reactions]