2011 වසරේදී ඉන්දියාවේ පැවැති කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නායක කුමාර සංගක්කාර මහතා අද (02) ක්‍රීඩා වැරදි පිළිබදව සොයා බලන විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණියා.
අද පෙරවරු 09.00ට පමණ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණි කුමර සංගක්කාර මහතා පැය 09කට ආසන්න කාලයක් එහි ගත කළ අතර පස්වරු 06.20 වන විට ඉන් පිටව ගියා.
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ කුමාර් සංගක්කාර මහතායි.
සංගක්කාර මහතා මේ වන විටත් එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුර හොබවන අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය සදහා තරග වැදීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ද සදහන්.
මේ අතර 2011 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මහේල ජයවර්ධන මහතාට ද හෙට (03 වැනිදා) ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන බව එම ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත පැවසුවා.
මහේල හෙට පෙරවරු 09.00ට පැමිණීමට නියමිත බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ.