සංහිදියාවෙයන් රටේම ආදරය දිනාගත් කර්නල් රත්නප්‍රිය ජනපති මෛත්‍රී හමු වෙයි….

සංහිදියාවෙයන් රටේම ආදරය දිනාගත් කර්නල් රත්නප්‍රිය ජනපති මෛත්‍රී හමු වෙයි….
Spread the love

රට පුර කතා බහට ලක්වූ ආන්දෝලාන්මක සිදුවීමක් ලෙස කර්නල් රත්නප්‍රිය මහතා කිලිනොච්චියෙන් විශ්වමඩු ප්‍රදේශයට ස්ථාන මාරුව ලබා යාමට නික්ම ගිය මොහතේ උතුරේ පුනරුත්තාපනය වූ එල්ටීටීඊ සමාජිකයන් ඔහු වෙනුවෙන් හඩා වැලැපෙමින් නොයන ලෙස කළ ඉල්ලීම ය.

කතා බහට ලක්වූ මෙම සිද්ධියෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කර්නල් රත්නප්‍රිය මහතාව නැවත කිලිනොච්චියට අනුයුක්ත කිරිමට පියවර ගනු ලැබීය.

මේ අතර ඊයේ (17)දිනයේ පොලොන්නරුවේදී පැවැත්වුණු උත්සවයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.මෙම අවස්ථාවේදී කර්නල් රත්නප්‍රිය මහතා ජනාධිපතිවරයා හමුවීමට පැමිණි අතර තමාව නැවත කිලිනොච්චියට අනුයුක්ත කිරිම පිළිබද ජනාධිපතිවරයාට ස්තූතිය පල කර අතර ඒ පිළිබද කිලිනොච්චියේ ජනතාව සතුටට පත්වන බව ද කර්නල් රත්නප්‍රිය මහතා ජනාධිපතිවරයාට පවසා තිබේ.

එහිදී ජනාධිපතිවරයා කර්නල් රත්නප්‍රිය සමග ඉතා සුහද සාකච්ඡාවක් පැවැති අතර මෙම අවස්ථාව දහම් සිරිසේන මහතා ද සහභාගී විය.