“සංහිඳියා නාලිකාවේ“ විකාශන කටයුතු ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

“සංහිඳියා නාලිකාවේ“ විකාශන කටයුතු ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ
Spread the love

ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාවේ නව දෙමළ නාලිකාව වන “සංහිඳියා නාලිකාවේ“  විකාශ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  (20) පස්වරුවේ ජාතික රූපවාහිනි පරිශ‍්‍රයේදී පැවැත්විණි.

රට තුළ ජාතික සංහිඳියාව ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට දායක වෙමින් මෙම නව සංහිඳියා නාලිකාව ආරම්භ කර තිබෙන අතර දෙමළ භාෂාව කතාකරන ජනතාවගේ ජාතික, ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව වෙනුවෙන් මෙම නාලිකාව පූර්ණ කාලීනව විකාශන කටයුතු සිදුකරයි.

අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ. සුමන්තිරන්, අංගජන් රාමනාදන්, කාදර් මස්තාපා යන මහත්වරුන් සහ විදෙස් තානාපතිවරුන්, ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, අධ්‍යක්ෂ ජනරාල් තුසිර මැලැව්වෙතන්ති‍්‍ර, කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ අමල් ගජමන්ගේ යන මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මිට එක්ව සිටියහ.