සජිත්ගේ සමගි ජන බලවේගයට ආගමික නායකයින් පේන්න බෑ – ප්‍රසන්න

සජිත්ගේ සමගි ජන බලවේගයට ආගමික නායකයින් පේන්න බෑ – ප්‍රසන්න
Spread the love

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් රටට කිසිදු සෙතක් අත් නොවූ බවත් යහපාලන ආණ්ඩුව රට විනාශ කළේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුවා වී බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දියාරු කරමින් සිටින බවට චෝදනා නැගීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ බව සදහන් කළේ ය.

මීරිගම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලයේ අද (22) පැවති රැස්වීමෙන් අනතුරු ව මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙහිදි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේ රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුවේ දේශපාලන උවමනාව ඉටු කරගන්න. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට වඩා ඒකේ යම් අරමුණක් තිබුණා.  ඒ තමයි රාජපක්ෂ පවුල දේශපාලන වශයෙන් විනාශ කිරීම. මේ කොමිෂන් සභා එකක්වත් ස්වාධීන නෑ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොද නෑ කියලා මුලින් ම විචේඡනය කළේ ඒ ව්‍යවස්ථාය ගේන්න මැදිහත් වුණු මෛත්‍රී ජනාධිපතිවරයාය. මේ අංගවිකල 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා රටට වග කියන ව්‍යවස්ථාවක් ගෙන ඒමට අපි කටයුතු කරනවා.

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු මහතා අගරදගුරුතුමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය අපි තරයේ හෙළා දකිනවා. හරීන්ම තමයි කිව්වේ පාස්කු ප්‍රහාරය ගැන තමන්ට අනතුරු ඇගෙව්වේ තාත්තා කියලා. ඒ නිසා තමන්ගේ ජීවිතේ බේරුණා කියපු හරීන් අද අදරදගුරුතුමන්ට පහර ගහනවා. සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට මේ රටේ ආගමික නායකයන් පෙන්නන්න බෑ. මුලින් මහා සංඝරත්නය විවේඡනය කළා. දැන් අගරදගුරුතුමාව විවේඡනය කරනවා. ජනතාව 05 වෙනිදාට මේ ප්‍රකාශ වලට උත්තර දේවි.”