සජිත් පේ‍්‍රමදාස නිවාස ඇමැතිකම් දරන සමයේ බෙදා දුන් සිමෙන්ති ගෙවල්වලින් රුපියල් 500 බැගින් එකතු කර නොදුන් නිසා තමාට එරෙහිව මාතලේ දිස්ත්‍රික්කය තුළ දේශපාලන කැපිල්ලක් ක්‍රියාත්මක වන බවත් මේ තත්ත්වය තුළ තව දින කිහිපයකින් දැඩි තීන්දුවක් ගැනීමට තමාට සිදුවන්නේ යැයි මාතලේ දිස්ත්‍රික් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි විජේරත්න මහත්මිය පැවසුවාය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විජේරත්න මහත්මිය කියා සිටියේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලයිස්තුව තෝරාගැනීමේදි පුරුෂාධිපත්‍ය ඉස්මතුවී කාන්තාවන් ඉවත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කර තිබෙන බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න මහත්මිය මෙසේද පැවසුවාය.
මාතලේ දිස්ත්‍රික්කයේ කොහෙ වුණත් තරග කරන්න මම බය නැහැ. හැබැයි සමගි ජනබලවේගය මාතලේ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුව කණ්ඩායම එකතු වෙලා හැදුව. ඒත් ලෝකෙම කාන්තාවන් ගැන කතා කරන මාර්තු මාසෙම පුරුෂාධිප්රත්යයට යටත් කරගෙන තමයි මේ ලැයිස්තු හැදුවේ. කාන්තාවන් මාතලෙන් පාර්ලිමේන්තු නොයවන්න ඇතැම් අය ලොකු උත්සාහයක නිරත වෙනවා . එහෙම වෙන්න හේතුව සජිත් ප්‍රේමදාස මහත්තයා පහුගිය කාලයේ බෙදාදෙන සිමෙන්තිවලට ගෙවල් වලින් අපි රුපියල් 500 ගානෙ එකතු කරපු නැති නිසායි.
අපි ඡන්ද වලට බය නැහැ. හැබැයි ඡන්ද වලට බය අය තමයි කාන්තාවන් ඉදිරිපත් වෙනවා නම් ජාතික ලැයිස්තුවෙන් එන්න තරම් බය වෙලා තියෙන්නේ. අපි මාතලේ දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට වැඩකරලා තියෙනවා. පාර්ලිමේන්තුවේදී මිනිස්සු වෙනුවෙන් කතා කරලා තියෙනවා. දැන් ඒවා මිනිස්සු දන්නවා, කවුද පහුගිය කාලේ මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කතා කළේ කියලා ඔවුන් දන්නවා.
ඒක බලන්න පුළුවන් අන්තර්ජාලයට ගිහාම. පාර්ලිමේන්තුවේ න්‍යාය කතා පුස්තක පරිශීලනය කරලා බලන්න කියලා අපි මාතලේ දිස්ත්‍රික් ජනතාවට කියනවා. එහෙම නැති වුණොත් ඒ කතා පුස්තක ගෙනල්ලා බෙදලා දෙන්න හරි මම සූදානම්. දඹුල්ලෙන්, ලග්ගලින්, රත්තොටින්, මාතලේ ආසන යන ආසන හතරෙම මගේ සැමියා සංජීව කවිරත්න මහත්තයා මිනිස්සු හම්බ කළා.
ඒ වගේම මම ඇසුරු කළ මිනිස්සු හැම තැනම අපිට ඉන්නවා. ඒ නිසා දිරි මැතිවරණයට කොහෙන් තරඟ කළත් මට ප්‍රශ්නයක් නෑ. හැබැයි බොහෝදුරට තව දින කිහිපයකින් ලොකු තීන්දුවකට තීරණයකට යන්න වෙනවා” යැයි රෝහිණි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.