නිව්යෝක් ටයිම්ස් පුවත්පත මහින්ද රාජපක්ෂ මහතාගෙන් සමාව ගත් බවටත් අදාළ පුවත වාර්තා කළ මාරියා අබි-හබීබ් මාධ්‍යවේදිනිය සේවයෙන් නෙරපූ බවටත් පවසමින් රාජපක්ෂ මහතාට හිතවත් ෆේස්බුක් පිටුවක් විසින් පළකළ අසත්‍ය පුවතට අදාළ මාධ්‍යවේදිනිය ප්‍රතිචාර දක්වා තිබේ. ඇය සිය ට්ව්ටර් ගිණුමෙන් මෙසේ ඊට උපහාසය දක්වා ඇත.
මහින්ද රාජපක්ෂ මහතාහට එල්ල වී ඇති මෙම චයිනා හාබර් සමාගම හරහා මැතිවරණ ව්‍යාපාරය සදහා මුදල් ලබා ගැනීමේ බරපතල චෝදනාව යටගැසීම සදහා මේවනවිට විවිධ ප්‍රවෘත්ති ඔවුන් විසින් නිර්මාණය කරමින් පවතී. විශේෂයෙන්ම සමාජමාධ්‍ය උපයෝගී කරගනිමින් මේ සදහා සක්‍රීයව මැදිහත්වෙමින් සිටින බව පෙනි යයි.
මේ වනවිට රාජපක්ෂ මහතාට හිතවත් ෆේස්බුක් පිටුව විසින් පලකල එම පුවත පන්දහසකට අධික පිරිසක් විසින් හුවමාරු කරගෙනද ඇත.