අභ්‍යවකාශයට යාම ලොව පුරා ලොකු කුඩා බොහෝ දෙනා දකින සිහිනයකි. අඩසිය වසකට ආසන්න කාලයක් සඳ මත මිනිසාගේ පා සටහන් නොතැබුනද එය වෙනස් කිරීමට නාසා ආයතනය අපේක්ෂා කරයි. එහි සැලසුම වී තිබෙන්නේ 2024 වනවිට පළමු කාන්තාව මෙන්ම මීළඟ පුරුෂයා ද චන්ද්‍ර පෘෂ්ඨය වෙත ගොඩබෑමය.
ඒ අනුව සිය ඉදිරි මෙහෙයුම් සඳහා එක්විය හැකි අපේක්ෂකයින් තෝරා ගැනීම කෙරෙහි නාසා හෙවත් එක්සත් ජනපදයේ ජාතික ගගන හා අභ්‍යවකාශ ඒජන්සිය අවධානය යොමු කර ඇත.
මාර්තු 2 වෙනිදා සිට 31 වෙනිදා තෙක් අයදුම්පත් භාර ගන්නා අතර, ගගනගාමියකු වීම සඳහා අවශ්‍ය කෙරෙන්නේ මොනවාද?
ජාතිකත්වය වැදගත්
ගගනගාමීන් ලෙස පුහුණු කිරීම සඳහා නාසා ආයතනය විසින් 1960 ගණන්වල සිට අපේක්ෂකයින් 350 දෙනෙකු තෝරාගනු ලැබූ අතර මේ වනවිට ක්‍රියාකාරී ගගනගාමී සංචිතය තුළ 48 දෙනෙක් සිටිති.
නාසා යනු එක්සත් ජනපද ෆෙඩරල් ඒජන්සියක් වන බැවින් ඊට එක්වීම සඳහා අවශ්‍ය කෙරෙන පළමු සුදුසුකම වන්නේ ඇමෙරිකානු පුරවැසිභාවය වේ. ද්විත්ව පුරවැසියන් හට ද අයදුම් කළ හැකිය
Need some space? We’ve got the job for you!
We’re accepting applications March 2-31 for the next class of #Artemis Generation astronauts. Find out if you have what it takes to #BeAnAstronaut: https://go.nasa.gov/2ShuPCA
මේ නියමය සෑම දෙනාම බැහැර කිරීමට හේතුවක් නොවීය. අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍ය ගගනගාමියකු වූ පියර්ස් සෙලර්ස්, ගගනගාමියකු වීමේ සිහිනය වෙනුවෙන් එක්සත් රාජධානියේ පුරවැසිකම හැරදමා එක්සත් ජනපද පුරවැසිභාවය ලද්දෙකි. පසුව ඔහු අභ්‍යවකාශ ෂටල මෙහෙයුම් තුනකට ද එක්විණි.
විද්‍යාව සම්බන්ධ පසුබිම තවත් මූලික අවශ්‍යතාවකි. බඳවාගැනෙන නවකයින් ඉංජිනේරු, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, පරිගණක විද්‍යාව හෝ ගණිත යනාදිය ඇතුළත්ව විද්‍යාව හෝ ගණිත අංශයේ විද්‍යාපති උපාධියකට හිමිකම් කිව යුතුය.
සුදුසුකම් ලත් වෛද්‍යවරුන් හෝ ජාතික වශයෙන් පිළිගනු ලබන පරීක්ෂණ නියමු වැඩසටහනක් සම්පුර්ණ කරන ලද පුද්ගලයින්ට ද මේ සඳහා අයදුම් කළ හැකිය.
අධ්‍යාපනය පමණක් සෑහෙන්නේ නැත. අදාළ ක්ෂේත්‍රය තුළ දෙවසරක වෘත්තීය පළපුරුද්ද හෝ ජෙට් ගුවන් යානා ප්‍රධාන නියමුවකු ලෙස අවම තරමින් පැය 1,000 ක පියාසර කාලයක් ද සහිත විය යුතුවේ.
ඊට පසු?
ඔන්ලයින් අයදුම්පත සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ඉන් ඉදිරියට යන අපේක්ෂකයින් පිවිසෙන ඊළඟ අදියර වන්නේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණය සමත්වීමය.
ඉන් සමත්වන්නන් ගගනගාමී අපේක්ෂකයකු බවට පත්වන අතර එහි අරුත වන්නේ තවත් වසර දෙකක කාලයක් පුහුණු හා ඇගයීම්වලට ලක් වීම වේ.
එම කාලය තුළදී හමුදාමය ආකාරයේ ජලයේ දිවි රැක ගැනීම, තාක්ෂණික නිපුණතා, රොබෝ පුහුණුව මෙන්ම රුසියානු භාෂා පුහුණුවට අදාළ පාඨමාලා හැදෑරිය යුතුය.
එම කාලය තුළදී සාර්ථකව පුහුණුව සම්පුර්ණ නොකරන අය වුව නාසා ආයතනයේ වෙනත් තනතුරු සඳහා තෝරා ගැනෙනු ඇති බව එම ආයතනය පවසයි.
අයදුම් කළ නොහැකිවන්නේ නම්?
නාසා ආයතනයේ සේවය කිරීමට ඔබ සුදුසුකම් නොලබන්නේ නම් වුවත් අභ්‍යවකාශ සංචාරයේ යෙදීමේ වෙනත් අවස්ථා ද ඇත.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කල් ගෙවූ ගගනගාමීන් 239 දෙනෙකුගෙන් 151 ම ඇමරිකානු පුරවැසියන් වූ අතර, ලොව නන්දෙසින් ආ පිරිසක් ද එහි සංචාරය කර තිබේ.
නාසාහි පුහුණුවට කාලය වෙන් කිරීමට නොහැකි නම් හා මුදල් පිළිබඳ ගැටලුවක් නැති අයෙකුට, මෙම වසර අගදී අභ්‍යවකාශයට සංචාරකයින් ගෙන යෑම සඳහා ක්‍රියා කරන පළමු පුද්ගලික සමාගම බවට පත්වන වර්ජින් ගැලැක්ටික් ආයතනයද වේ.
by bbc