සභීතට කෙලවෙන ලකුණු.. අමරවීර නියෝගයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය පරණ ගොඩනැගිල්ලටම…

සභීතට කෙලවෙන ලකුණු.. අමරවීර නියෝගයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය පරණ ගොඩනැගිල්ලටම…
Spread the love

කෘෂිකර්ම අමාත්‍යංශය, පෙර තිබූ ගොඩනැගිල්ල වෙත රැගෙන යාම සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇති බව නව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අද පෙරවරුවේ සිය අමාත්‍යධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව වත්මන් කෘෂිකර්ම අමාත්‍යංශය පිහිටි ගොඩනැගිල්ල පිලිබඳව  මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කලේ තමන් පෞද්ගලිකව එවැනි සුඛෝපභෝගී සහ විශාල ගොඩනැගිල්ලක අවශ්‍යතාව නොදකින බවයි.

කෘෂිකර්ම අමාත්‍යංශය මීට පෙර පිහිටි ගොවිජන මන්දිර ගොඩනැගිල්ල අමාත්‍යංශය සඳහා සුදුසුම ස්ථානය බවට තමන් පිළිගන්නා බව මහින්ද අමරවීර අමාත්‍යවරයා කියා සිටියේය.

ගොවිජන මන්දිර ගොඩනැගිල්ල රජය විසින් වෙනත් කටයුත්තක් සඳහා පවරාගැනීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශය වර්තමාන ගොඩනැගිල්ල වෙත රැගෙන ඒමට සිදුවූ බව පෙන්වාදුන් අමාත්‍යවරයා ඒ පිළිබඳ අධ්‍යනයක් සිදුකර කෘෂිකර්ම අමාත්‍යංශය යළි ගොවිජන මන්දිරයට ගෙන යාම සම්බන්ධයෙන් තම උපරිම අවධානය යොමු කරන බවයි සඳහන් කළේය.