එක්සත් ජාතික පක්ෂය තුල පූර්ණ ප්රතිසංවිධානයක් අපේක්ෂාවෙන් සිටින පිරිස මේ වන විට පනහට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහල නැග ඇතැයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
පක්ෂ නායකත්වය තම කණ්ඩායම විසින් ඉදිරිපත් කල ඉල්ලීම්වලට වූ පොරොන්දු මත ප්‍රතිසංවිධානය නිසි ලෙස වන්නේදැයි දැඩි විමසිල්ලෙන් සිටින බවත් ඇමතිවරයා සදහන් කරයි.
ප්රතිසංවිධාන ගැන තම කණ්ඩායමේ අදහස හා ඉදිරි වැඩපිලිවෙල අප්‍රේල් 30 වැනිදාට පසුව ප්‍රකාශ කරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

