තමන් බුදු වූ කෙනෙකු බව කියමින්, සුදු පැහැති ඇඳුමින් සැරසී, ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පමණ කැළණිය විහාරයේ වෛත්‍ය රාජයාණන් අභියස සිටි පුදුගලයෙකු පිළිබඳ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තොරතුරු හුවමාරු වෙමින් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ කැළණියට වැසි සහිත කාලගුණයක් පැවති අතර එසේ වැසි වැස්සවූයේ තමන් බවද, තමන්ට වැඳ නමස්කාර කරන සියලු දෙනාම බුදු වන බවටද ඔහු රැස්ව සිටි අයට ප්‍රකාශ කර තිබෙනවා.
ඒ මොහොතේ කැළණිය වැඳපුදා ගැනීමට පැමිණි අය අදාළ පුද්ගලයා විසින් පිරිත් පැන් ලබාදීමේදී ඔහුට වැඳ නමස්කාර කර තිබෙනවා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති අතර මේ පුද්ගලයා අලුයම් කාලයේදී අතුරුදන්ව ඇති බවත් වාර්තා වනවා.
අදාළ පුද්ගලයා බව කියමින් සමාජ ජාල තුළ හුවමාරු වන ඡායාරූප මෙන්න..
[rns_reactions]






