සමුහ දුෂණයට ලක්ව මියගිය යාපනයේ විද්‍යාගේ සහෝදරියට ජනපති අතින් පත්වීමක්…!

සමුහ දුෂණයට ලක්ව මියගිය යාපනයේ විද්‍යාගේ සහෝදරියට ජනපති අතින් පත්වීමක්…!
Spread the love

ඝාතනයට ලක් වූ යාපනයේ විද්‍යා ශිවලෝගනාදන් දැරියගේ වැඩිමහල් සොහොයුරිය වන නිෂාන්ති සිවලෝගනාදන්‍ෙ වෙත සංවර්ධන නිලධාරි පත්වීමක් ප්‍රදානය කර තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක් වන ඇයට  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  ඊයේ  (24) ජනාධිපති කාර්යාලයේදී මෙම පත්වීම ප්‍රධානය කර තිබුණා.

පසුගිය වසරේදී ජනාධිපතිවරයා වව්නියාවේ සිදුකළ සංචාරයක් අතරතුරදී විද්‍යා දැරියගේ නිවසට ද ගොස් එම පවුලේ අයගේ සුවදුක් විමසූ අවස්ථාවේ ලබාදුන් පොරොන්දුවක් අනුවයි විද්‍යා දැරියගේ වැඩිමහල් සහෝදරිය වන නිෂාන්ති ශිවලෝගනාදන්  වෙත මෙම පත්වීම ලබාදීමට කටයුතු කර තිබුණේ.

විද්‍යා ශිවලෝගනාදන් පදනමේ උප සභාපතිනි ප්‍රවින සිනමා ශිල්පිනී සුවිනීතා වීරසිංහ  සහ විද්‍යා දැරියගේ මව වන සරස්වති ශිවලෝගනාදන් ද මෙම  අවස්ථාවට එක්ව සිටියා.