සමෘද්ධිලාභීන් තේරීමේ බලය ප්‍රා.ලේකම්ට පැවරීමට එරෙහිව ග්‍රාම නිලධාරීන් සහ එජාප පාක්ෂිකයන් සටනට….

සමෘද්ධිලාභීන් තේරීමේ බලය ප්‍රා.ලේකම්ට පැවරීමට එරෙහිව ග්‍රාම නිලධාරීන් සහ එජාප පාක්ෂිකයන් සටනට….
Spread the love

කුපිත වු ග්‍රාම නිලධාරීන් සහ එජාප ක්‍රියාකාරීන් අගමැතිට එරෙහිව සටනට…

සමෘද්ධිලාභින් තිරණය කිරිමේ බලතල ප්‍රාදේශිය ලේකම් හට ලබාදීම සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ එජාප ක්‍රියාකාරිකයෙක් ප්‍රකාශ කලේ සමෘද්ධිලාභීන් තේරීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දීමෙන් මෙතෙක් සිදුවූ අසාධාරණය වෙනසක් නොවන ඇති බවයි.

විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය සේවයේ නියතු බහුතරයක් රාජපක්ෂ පාලන සමයේ සේවයට බදවා ගත අය සහ සේවා උසස් වීම් දුන් අය බවත් පැවසු ක්‍රියාකාරිකයා ඔවුන් කිසිවිටක සාධාරණය ඉටු නොකරන බව ද පැවසිය. 

එසේම පසුගිය සමයේ රජය මඟින් ක්‍රියාත්මක කල ‘සුරක්ෂා’ රක්ෂණ ක්‍රමය අසාර්ථක වියාපෘතියක් බව හුවා දැක්වීමේ කාර්යභාරය ද, පොහොර සහනාධාරය අසාර්ථක කිරීම ද සිදුවුයේ මෙම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හරහා බවට චෝදනා කල ක්‍රියාකාරිකයා එවන් පිරිසකට යලිත් සමෘද්ධිලාභීන් තේරීමේ බලය ලබා දෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කර සිටියේ ය.

එසේම මෙසේ ක්‍රියාකරන්නේ අගමැතිවරයාට දොදු නිසා ද නැත්නම් පක්ෂයේ ඉහල පෙලේ නිලධාරීන් දෙන ගොබ්බ උපදෙස් නිසාදැයි අදාල ක්‍රියාකාරිකයා තවදුරටත් විමසා සිටියේ ය.