සමෘද්ධි බැංකුවේ මුදල් අවභාවිතා වී ඇතැයි සඳහන් කරමින් වත්මන් රජය සමෘද්ධි බැංකුවත් දේශපාලනීකරණය කිරීමට සූදානම් වන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
2017 වර්ෂයේදී සමෘද්ධි ලාභීන් දහතුන් ලක්ෂ අසු අට දහස් දෙසිය හතලිස් දෙකක් සාමාජිකත්වය ලබා සිටින මෙම බැංකුව හරහා එජාපය තම ඡන්ද පදනම සකස් කර ගැනීමේ උත්සාහයක නිරත වන බවද ඔහු සඳහන් කළේ ඊයේ (08) කොළඹදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
මම එස්.බි. දිසානායක මහතාගෙන් විමසීමක් කළා. රජය සමෘද්ධි බැංකුවේ මුදල් අවභාවිතාවක් ගැන සඳහන් කරන නිසා එහි තොරතුරු දැන ගන්න. පසුගිය කාලේ සමෘද්ධි අමාත්‍යාංශය බාරව හිටියේ එස්.බි. දිසානායක ඇමැතිතුමයි. එතුමා කියන්නේ සමෘද්ධි අමාත්‍යාංශයේ රුපියල් දහසක හෝ මුදල් අවභාවිතාවක් සිදුව තිබෙනවා නම් ඕනෑම පරීක්ෂණයකට එතුමා සූදානම් කියලයි. මේ රජය බොරු චෝදනා එල්ල කරමින් මේ හදන්නේ සමෘද්ධි බැංකුවේ දැනට ඉතිරිව ඇති රුපියල් බිලියන ගණනක මුදල් ජනතාවට බෙදා දී එජාප ඡන්ද පදනම ගොඩ නඟා ගැනීමටයි. යැයිද ගුණවර්ධන මහතා කීවේය.
