මත්පැන් මිලදී ගැනීම විකිනීම පිළිබඳව කාණ්තාවන්ට තිබූ නීතිය ලිහිල් කරමින් මුදල් ඇමති විසින් ගෙන ආ චක්‍රලේකය ඉවත් කිරීමට ජනපති ගත් තීරණයට විරෝධය දක්වමින් කාන්තාවට පුරුෂයින්ට සමාන අයිතිවාසිකම් ලබාදීමට ව්‍යවස්ථාවට අනුව රජය බැදී සිටින බවත් එවැනි තත්ත්වයක් මත කාන්තාවන් ඉලක්ක කර මෙවැනි නීති පැනවීම අසාධාරණ බවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක් ඊයේ(17) කියා සිටියාය.
අපේ රටේ කාන්තාවන් යුරෝපයේ කාන්තාවන්ට සමාන කරන්න බෑ.ශ්‍රී ලාංකික කාන්තාවන්ට මෙවැනි අවශ්‍යතා විදේශීය කාන්තාවන් තරමට නැති නිසා මෙවැනි නීති තිබිය යුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසුවේය.
කාන්තාවකට තමා පිළිබඳව තීන්දු ගැනීමේ අයිතියක් තිබිය යුතු බවත් එය රජයට නීති පනවා හැසිරවිය නොහැකි බවත් අදාළ මාධ්‍යවේදිනිය නැවත ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී මතින් නිදහස් රටක් තැනීම සඳහා බලයට පැමිණි වත්මන් රජය යටතේ මෙවැනි කාරණා කිසිසේත් සිදුනොවිය යුතු අතර සම අයිතිය තිබුණා කියලා පුරුෂයින් කරන සෑම දෙයක්ම කාන්තාවන්ට ගැළපෙන්නේ නැති බවත්. මෙවැනි නීතියක් අපේ රටේ තිබුණු බව කාන්තාවන් දැනගනු ලැබුවේත් මෙම චක්‍රලේඛය නිසා බවත් ඒ වෙනතුරු කාන්තාවන්ද මෙවැනි නීති ගැන නොදැන සිටි බවද රාජිත සේනාරත්න මහතා පිළිතුරු වශයෙන් පැවසීය..

