“ලෝකය උඩු යටිකුරු වන කලට මිනීමරුවා අහිංසකයෙකු වී අහිංසකයා ත්‍රස්තවාදියෙකු වෙයි. ආගම වෙනුවෙන් දිවි පිදූ වීරයන්ගේ ලේ වියළී යන විට සයිෆ් අල් ඉස්ලාම් නිදහස් මිනිසෙකු බවට පත්වෙයි.”
මේ සටහන සයිෆ් අල් ඉස්ලාම් එසේත් නැතිනම් කර්නල් මුවම්මර් ගඩාෆිගේ පුතු සිරෙන් නිදහස් වීම ගැන කිසිවෙකු විසින් තැබූ ට්විටර් සටහනකි.
සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි, කර්නල් මුවම්මර් ගඩාෆිගේ දෙවැනි පුතු වෙයි. මුවම්මර් ගඩාෆිගේ දරුවන් අටදෙනා අතුරෙන් ගඩාෆිගේ උරුමකරු ලෙසින් නම් ලද පුත්‍රයා ඔහුය. පසුගිය සය වසර තිස්සේ සින්ටෑන් නගරයේ හමුදා අත්අඩංගුවේ සිරභාරයේ උන් ඔහු “රාමදාන් මාසයේ දාහතර වැනි දිනය” නිමිත්තෙන් පසුගිය සිකුරාදා නිදහස් කළ බව අබු බකර් අල් සිද්ධික් බලකාය විසින් නිවේදනය කොට ඇත.
ප්‍රසිද්ධියේ ජනතාව ඉදිරියට නොආවද, ඔහු නිදහස ලැබූ බව ඔහුගේ නීතිඥයා වූ ඛලීල් අල් සයිදි විසින්ද තහවුරු කොට ඇත.
ආරක්ෂක හේතූන් මත සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි මේ වන විට සිටින්නේ කුමන නගරයේ දැයි යන්න සඳහන් කොට නැති නමුත් මේ වන විට ඔහු නැගෙනහිර ලිබියාවේ ටෝබුක් නගරයේ තම ඥාතීන් සමග සිටින බවත්, නුදුරේදීම ලිබියානු ජනතාව ඇමතීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් සඳහන් වෙයි.
1972 වසරේදී ලිබියාවේදී උපන් සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි, කර්නල් මුවම්මර් ගඩාෆිගේ දෙවැනි පුත්‍රයා වෙයි. ලන්ඩනයේ ආර්ථික විද්‍යා පාසලෙන් 2008 වසරේදී ආර්ථීක විද්‍යාව පිළිsබඳ දර්ශනපති උපාධිය ලැබූ ඔහු කර්නල් මුවම්මර් ගඩාෆිගේ උරුමක්කාරයා ලෙස හැඳින්විණ. මුවම්මර් ගඩාෆි රජයට පක්ෂ මිනිසුන් විසින් සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි හැඳින්වූයේ “ලිබියාවේ බලාපොරොත්තුව” ලෙසිනි. 2011 වසරේ මුල් භාගයේදී ගඩාෆිගේ රජයට එරෙහි කැරලි ගැසීම් ඇරඹුණු පසුව 2011 වසරේ ජුනි මාසයේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් සයිෆ් අල් ඉස්ලාම්ට එරෙහිව යුද අපරාධ චෝදනා යටතේ වරෙන්තු නිකුත් කරන ලදී.
2011 අප්‍රේල් මාසයේදී රාජ්‍ය විරෝධී කැරලිකරුවන් විසින් ටි‍්‍රsපොලි නගරය යටත් කරගත් පසුව සයිෆ් අල් ඉස්ලාම් ටි්රපොලි නගරයෙන් බානි වාල්ඩ් වෙත පලා ගියේය.
2011 ඔක්තෝබර් මාසයේදී සයිෆ් අල් ඉස්ලාම්ගේ පියා මුවම්මර් ගඩාෆි හා සයිෆ්ගේ සොහොයුරු කැරලිකරුවන් විසින් මරාදමන ලද අතර ඉන් පසු නයිජීරියාවට පලා යමින් සිටි සයිෆ් අල් ඉස්ලාම්ව නොවැම්බර් 19 වැනි දින හමුදාවන් විසින් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී.
එයින් සිවු වසරකට පසුව කර්නල් මුවම්මර් ගඩාෆිගේ සමීපතමයන් තිස් දෙනෙකුගේද සාක්ෂි ඇතිව ටි්රපොලි අධිකරණය හමුවට ගෙන එන ලද සයිෆ් අල් ඉස්ලාම්ට මරණ දණ්ඩනය නියම කෙරිණ.
අවසානයේදී මෙසේ ඔහු නිදහස් කරනු ලබන්නේ ලිබියාවේ තරගකාරී රජයන් දෙකෙන් එකකින් ලත් පොදු සමාවක් හේතුවෙන් යෑයි කියවෙයි.
සයිෆ් අල් ඉස්ලාම්ව නිදහස් කිරීම ගැන ලිබියාවේ ඇතැම් පාර්ශවයන් අප්‍රසාදය පළ කරන නමුත් ගඩාෆි රජයට පක්ෂපාතව උන් බොහෝදෙනා මේ සිදුවීම සතුටින් සමරන බවද සමාජ ජාලා මාධ්‍ය මගින් දැකගත හැකිය.
[rns_reactions]