එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් විසින් ඔහුගේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 220 කට අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී රුපියල් මිලියන ගනන් කප්පම් ලෙස ලබාගත් බවට හෙලිවී ඇත.
තවද ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස සේවය කරන ඔහුගේම මස්සිනා විසින් එම ආයතන වල රැකියා දීමේදී එජාප තරුණයන්ගෙන් එක් රකියාවක් සඳහා රුපියල් ලක්ෂ තුනක් අයකර ඇති බවටත් ඊට අමතරව ඇමති කබීර්ගේ අනියම් බිරිඳ වන ෂීනා සම්සුදීන් නැමති කාන්තාවගේ සොහොයුරෙකු වන අබ්බාස් විසින් එම ආයතන වල රැකියා 23 ක් අලෙවි කර රුපියල් මිලියන 4.7 ක පමණ මුදලක් උපයා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ තරුණයින් සදහන් කරයි.
ඇමති කබීර්ගේ මෙම ක්‍රියාවන් වල තවත් විශ්ෂ කරුණක් නම් ඔහු හා ඔහුගේ කටු ලොවන සහචරයින් විසින් කොපමන සුදුසුකම් සපිරූ එජාප පාක්ෂිකයින් සිටියත් මෙම රැකියා සියල්ලම පාහේ මුදලට හෝ ලබා දී ඇත්තේ මුස්ලිම් ජාතිකයින්ට වීමත් එයත් එජාපයේ අයට පමණක් නොව මුදල් දෙන ඕනම මුස්ලිම් තරුණියකට හෝ තරුනයෙකුට වීමත් නිසා පරම්පරා ගනනක එජාප පාක්ෂිකයින් ඉතා කලකිරීමෙන් සිටින බව එම තරුණයින් වැඩි දුරටත් කියා සිටියෝය.

