ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනෙකු විපක්‍ෂයට පැමිණීමත් සමගින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය හා විපක්‍ෂයේ ප්රධාන සංවිධායක ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමියනු ඇති බව වාර්තා වෙයි.
දැනට පාර්ලිමේන්තුවේ සන්දාන මන්ත‍්‍රීවරුන් 54 දෙනකු විපක්‍ෂය නියෝජනය කරන අතර අතින් එක්වන 16 දෙනාද සමග එම ගණන 70 දක්වා ඉහල යයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ 96ක් වන සන්ධාන මන්ත‍්‍රීවරුන්ගෙන් සාතිශය බහුතරය විපක්‍ෂය නියෝජනය කරයි.ඒකාබද්ධ විපක්ෂයේ හා විපක්ෂයට අලුතින් එක්වුණු නිදහස් සංධානයේ 16 දෙනා විපක්ෂ නායක ලෙස එස්.බී දිසානායක මහතාගේ නම මෙන්ම විපක්ෂයේ ප්රධාන සංවිධායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාගේ නම කතානායකවරයා වෙත යෝජනා කිරීමටද නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
දැනට විපක්‍ෂ නාය ධුරය දරන ආර්. සම්බන්දන් මෙන්ම විපෂක්‍යේ ප‍්‍රධාන සංවිධායක ධුරය දරන අනුර දිසානායක මහතාගේ පාර්ලිමේව්තු ධුරයන් මේ තත්වය මත අභියෝගයට ලක්වෙයි.

