31 වැනි වියේදී හදිසියේ අභාවප්‍රාප්ත වූ මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ කොලොන්නාව නගර සභා අපේක්ෂක සුජීව ධරමවික්‍රම මහතාගේ අවමංගල්‍ය කටයුතු ඊයේ දින සිදුකෙරිණි.. කොලොන්නාව එජාප සංවිධායක මරික්කාර්ගේ පහත් දේශපාලන ව්‍යපාරයේ තරම ජනතාවට ඉතා හොදින් වටහාගැනීමට ඒ අතරවාරයේ සිදුවූ සිදුවීමක් ඊයේ දින දක්නට ලැබිණි..
තම ගම් ප්‍රදේශයේ ජන නායකයෙක් මියගිය සොවින් මුළු ගමම දුකින් බරව සිටිද්දී හදිසියේ එතනට පැමිණි රෝඩ් ෂෝ ප්‍රසංග කණ්ඩායමක් නිසා මුළු ගමම කුපිත විය.. අලියාගේ ලකුණ ගහගත් මේ පිරිස මහා හඩින් බජවු දාන්න පටන් ගත්තේ තම සහෝදර අපේක්ෂකයාගේ අවමංගල්‍ය නිවසට යාර කිහිපයක් ඈතින් සිටිමිනි..
මේ මොහොත වෙද්දී කුපිත වූ ගමේ සිටි ප්‍රබල එජාප පාක්ෂික තරුණයන් කිහිපපොලක්ම බජවු කාරයන්ගේ අම්මා තාත්තා මතක් කරමින් ගුටි ඇනීමට සුදානම් වූ අතර එහිදී බජවු කාරයන් විසින් තමන් අතින් සිදුවූ වරද වටහාගෙන ඇත.. අනේ අයියේ සමාවෙන්න.. අපි මෙහෙ නෙමෙයිනේ.. අපිට අපේ සර් (මරික්කාර්) කිවුවා මේ ඒරියා එකේ අද ෂෝ එක ගහන්න කියලා.. අපි දන්නේ නෑ මරණයක් වෙලා කියලා..
මේ සිදුවීමත් සමගින් කුපිත වූ එජාප පාක්ෂිකයන් විසින් මරික්කාර්ගේ අම්මා තාත්තා මතක් කරමින් ජාතිය අමතා ඇති බවද සදහන්..

