සාම්ප්‍රදායික වීවලට නැවත ගියහොත් ‘ආහාර සුරක්ෂිතතාවය’ නැතිවීමේ අවදානමක් !

සාම්ප්‍රදායික වීවලට නැවත ගියහොත් ‘ආහාර සුරක්ෂිතතාවය’ නැතිවීමේ අවදානමක් !
Spread the love

Covi- 19 වයිරසයේ උත්පත්තිය පිලිබඳ විවිධ කතා පැතිර යන්නේය. එක මතයකට අනුව මෙය වනගත සතුන්ගේ සිට පැමිණ මිනිසාට ආසාදනය වූවකි. චීනයට ඉහලින් ඈත අහසේදී පුපුරාගිය වල්ගා තරුවකින් නික්මී මෙහි පැමිණි බව කියවෙන පුවතක්ද කියවන්නට ලැබුණි. මේ අතර විද්‍යාගාරයක් තුලදී, පැරණි වයිරසයක තිබූ ජාන වෙනස්කර මිනිසා විසින් නිපදවූ අංශුවක් බවටද ඇතැම් පාර්ශවයන් විසින් සැක පළකර සිටී.

ජානය යනු කුමක්දැයි හෝ ජාන ඇත්තේ කොතැනකදැයි සාමාන්‍ය ජනතාව දන්නේ නැත. පාසල් දරුවන් අතරින් පවා එය හරියට දැනගන්නට ලැබෙන්නේ ජීව විද්‍යා අංශයෙන් ඉගෙනීම ලැබුවහොත් පමණි.

එසේ වුවත් ජාන ගැන නොදන්නා ඇත්තන් පිරිසක්, කෝවිඩයා එන්නටත් පෙරාතුව සිටම ජාන ගැන කතාකරමින් සිටින බව මෙරට ජනමාධ්‍යයන් ඔස්සේ අපට දැනගන්නට ලැබෙමින් තිබේ. ඔවුන් කතා කරන්නේ ජාන ගැන පමණක්ම නොවන අතර ජාන වෙනස් කරමින් නව ජීවීන් බිහිකරන සංසිද්ධිය ගැනද ඔවුහු  කතාකරති. එසේ බිහිවෙන කෘෂිකාර්මික බෝග ගැනද කතාකරති.

තම සම්ප්‍රප්පලාප වලට සමාජ පිළිගැනීමක්ද ලබාදිය යුතු නිසා, ජාන ගැන දන්නා උගතුන් කීප දෙනෙක්ද තම බයිලාවේ අත්වැල් ගායනයට ඔවුන් විසින්ම එකතු කරගෙන ඇත. තමා හොඳාකාරවම දන්නා විද්‍යාවේ සරල සත්‍යයන්ට පිටුපාමින් මේ ‘උගතුන්’ එතනට හේත්තුවී ඇත්තේ කුමක් හෝ කුට්ටියක් තමාගේ ඔඩොක්කුවට දා ගැනීමේ බලාපොරොත්තුවෙන් විය හැකිය.

එසේ නොවන්නේ නම් විභාග පාස්කර උගතුන් බවට පත්වූවත්, නූල් බෝලයේ පැටලුම් ලිහාගැනීමට තරමේ ඉවසීමක් නැති නිසාම, බුද්ධිමතුන් යන කාණ්ඩයට ඔවුන් අයත් නොවන නිසා විය හැකිය. වඩාත් අවාසනාවන්ත තත්වය නම් පිටරටින් එන සහල් නැවට කෙල හල්ලන්නේ නැතිව අපේම කියා බතක් කන්නට පින පහලකර දුන් වැඩි දියුණු කල වී ප්‍රභේදයන්ටද,  කාලකන්නි කෝවිඩයාට ඇලවූ ‘ජාන වෙනස් කල’ ලේබලයම අලවන්නට, මේ මෝඩ රැල කටයුතු කරමින් සිටීමයි.

ජාන වෙනස් කරමින් ලෝකය පුරා මේ වනවිට නව ජීවීන් උපදිමින් සිටී. ජානයේ හැඩරුව නවීන ලෝකයට මුල්වරට විස්තරාත්මකව ඉදිරිපත් කරන ලද්දේ ඇමරිකානු ජාතික ජේම්ස් වොට්සන් හා බ්‍රිතාන්‍ය ජාතික ෆ්‍රැන්සිස් ක්‍රික් යන විද්වත් දෙපල විසිනි. ඒ 1953 වසරේදීය. ඔවුන් හෙලිකල ජානයේ ව්‍යුහ සැලැස්ම ‘ක්‍රික්වොට්සන් ගේ ඩී.එන්.ඒ. අණුව’ ලෙස අද දවසේ පාසල් ළමෝ පවා හදාරති.

මුලදී ‘H’ සංකේතය සහිත වී වර්ගත්, පසුව Bg, Bw, Ld හා At යනාදී සංකේත රැගත් නව වී ප්‍රභේදත් බිහිවුයේ මෙසේ ඇරඹුණු වී අභිජනන වැඩපිළිවෙල හරහාය. ජාන වෙනස් කිරීම කෙසේ වෙතත්, 1973 දී ඩී.එන්.ඒ. සොයාගත්තාට ක්‍රික් වොට්සන්ට නොබෙල් ත්‍යාගය හිමිවෙන විටත්, බතලගොඩ කණ්ඩායම විසින් වැඩිදියුණු කල වී වර්ග 14 ක්ම නිපදවා අවසන්කර තිබුණි.

බොහෝ දෙනෙක් නොදන්න ‘ජාන කතාව‘

ලාංකික විද්වතුන් වැඩි දියුණු කල වී වර්ග බිහිකරන්නට අඩිතාලම් දැමුවේ  ක්‍රික් වොට්සන් ලා ජාන සොයා ගන්නටත් කලින් බව, බොහෝ දෙනෙක් නොදන්නවා ඇත. වැඩ පටන් ගෙන ඇත්තේ 1952  දී මහාචාර්ය එම්. එෆ්. චන්ද්‍රරත්න මහතාගේ සහභාගිත්වයෙනි. ඔහු එකල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටි උද්භිද විද්‍යාඥයා විය. (දැනට එවන් තනතුරක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුල නැත) මෙම කටයුතු වලට සමකාලීනව ආචාර්ය හෙක්ටර් වීරරත්නගේ ප්‍රධානත්වයෙන් බතලගොඩ වී අභිජනන ස්ථානයද ආරම්භ කරන ලදී.

මුලදී ‘H’ සංකේතය සහිත වී වර්ගත්, පසුව Bg, Bw, Ld හා At යනාදී සංකේත රැගත් නව වී ප්‍රභේදත් බිහිවුයේ මෙසේ ඇරඹුණු වී අභිජනන වැඩපිළිවෙල හරහාය. ජාන වෙනස් කිරීම කෙසේ වෙතත්, 1973 දී ඩී.එන්.ඒ. සොයාගත්තාට ක්‍රික් වොට්සන්ට නොබෙල් ත්‍යාගය හිමිවෙන විටත්, බතලගොඩ කණ්ඩායම විසින් වැඩිදියුණු කල වී වර්ග 14 ක්ම නිපදවා අවසන්කර තිබුණි. එච්. සංකේතය යටතේ අටක්ද, බී.ජී. සංකේතය යටතේ හතරක්ද, එල්.ඩී. යටතේ එකක් හා එම්.අයි. යටතේ එකක්ද ඒ අතර විය. ඒවා හැදුවේ ස්වභාවික පර පරාගන මූලධර්මයන්ට අවනත වෙමින් මිස, සිහිනෙන්වත් දැක නොතිබුණු ජාන වෙනස්කිරීමේ හුටපටයක් පටලවාගෙන නොවේ. එම මූලධර්මයන් ඔස්සේම යමින්, මේ වනවිට වැඩි දියුණු කල වී ප්‍රභේද 80 ක් බිහිකර අවසන්ය.

ළදරු අවධියේ සිටම මෙවන් සහලකින් කුස පුරවාගෙන කරදඬු උස් මහත් කරගත් මෙම ඊනියා ‘උගතුන්’ කෙලෙස කැලෑ පත්තර ගැසුවත්, චන්ද්‍රරත්නලාට හා වීරරත්නලාට බත්කන ජනතාව වෙතින් හිමිවෙන පුණ්‍යානුමෝදනා වලින් නම් අදටත් අඩුවක් නැත. ඒ මිල්චාඩ් සංස්කෘතියෙන් රට මුදවාගෙන දේශීය සහලෙන් ස්වයංපෝෂිත කිරීම වෙනුවෙනි.

සාරවත් ගෝල පරපුරක්ද මේ දෙපල විසින් රටට දායාද කර තිබේ. සේනාධීර, සන්දනායක, විග්නරාජා, තිස්ස රාජපක්‍ෂ වැනි චරිත ඒ අතර විය. මේ සියලු දෙනා අද වනවිට අප හැරගොස් සිටියත්, එම කණ්ඩායමේ තවත් යෝධයෙක් වූ ආචාර්ය ධනපාල විද්වතාණන් තවමත් අප අතර සිටීම යුගයේ වාසනාවකි. එහෙත් මේ අලකලංචිය හමුවේ එතුමානන්ද වික්ෂිප්තව සිටී.

“වීඅභිජනනයකරමින්නවප්‍රභේදනිපදවීමේඉතිහාසයශ්‍රීලංකාවේකෘෂිකර්මදෙපාර්තමේන්තුවතරමටමපැරණිකතාවක්නේ. අදවැඩිවෙලා තියෙන වී අස්වැන්න කැපවීමෙන්වැඩකළඅභිජනනවිද්වතුන්ගේමහන්සියේප්‍රතිපලයක්ඉස්සර කාලේ ගොවීන්වගාකළ අඩුඅස්වැන්නක්ලබාදුන්වීප්‍රභේද පරද්දන්න කෘෂිකර්මදෙපාර්තමේන්තුවමේ වැඩේ කෙරුවේ ඇයි? දිවයිනේපලවෙනපැරණිතමකෘෂිකර්මසඟරාවවන Tropical Agriculturist පොතේ වෙළුම් අංක 3 (ජූලි-සැප්තැම්බර්, 1945) හි පිටු අංක 191 හි ලියවිලා තියෙන දේ කියවලා බලන්න. උත්තරේ හිතාගන්න පුලුවන් වෙයි. එතැන ලියලා තියෙනවා 1940 දී ලංකාවේ සහල් අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක්ම පිටරටින් ගෙන්නුවා කියලා. ඒ කාලේ කෘෂිකර්මඅධ්‍යක්‍ෂවරයා වෙලා හිටියේ ඩී. රින්ඩ්(D. Rhind)කියල කෙනෙක්. ඔය කියන සඟරාවේම, වෙළුම් අංක 2,  (අප්‍රේල්ජුනි, 1945) හිපිටුඅංක64-68 දක්වාපළකරල තියෙනවා “ලංකාවේ වී අස්වැන්නේඅභිවෘද්ධිය”(Improvement of Paddy Yields in Ceylon)කියල ලිපියක්. මෙහෙ වවපු වී වර්ගවල සාමාන්‍ය අස්වැන්න අක්කරයකට බුසල් 13 ක් (හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 0.65 ක්) වගේ ඉතා අඩු අගයක පැවති බව එතන ලියලා තියෙනවා. ඔන්න ඔය තත්වයෙන් ගොඩ එන්න තමයි අපි අලුත් වී ජාති හැදුවේ. ඕවා හැම එකක්ම ස්වභාවික අභිජනනයෙන් උපන් ඒවා මිසක්, ලෝකයේ අද හැදෙන ජාන වෙනස්කල බෝග ගණයට වැටෙන ඒවා නෙවෙයි.”

දැනට මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම සහල් අභිජනන විද්‍යාඥයා වන ආචාර්ය එම්.පී. ධනපාල මහතා නව වී වර්ග සෑදීමට පදනම් වූ අතීත හේතු ගෙනහැර පෑවේ එලෙසිනි.

විද්‍යාවේ බල මහිමය හරහා කිසියම් ක්‍රමවේදයක් හරහා ජීවියෙකුට අදාළ ජාන සැලසුම වෙනස් කිරීම මින් අදහස් කෙරේ. මෙවන් ජීවියෙකුට උත්පත්තිය දුනහොත්, ඔහු ප්‍රකාශ කරනුයේ අමුතුම ආකාරයේ ලක්‍ෂණ සංයෝජනයකි. එය තම ‘වරිගයට’ හෝ පරම්පරාවට අයත් ගතිගුණ හෝ ලක්ෂණ නොවෙනු ඇත. මිනිසා එවැනි දෑ කරන්නේද තම අවශ්‍යතා වෙනුවෙන් ඔහුගේ වාසියටය.

කුමක්ද මේ ජාන වෙනස්කිරීම කියන්නේ?

කුමක්ද මේ ජාන වෙනස්කිරීම කියන්නේ?  විද්‍යාවේ බල මහිමය හරහා කිසියම් ක්‍රමවේදයක් හරහා ජීවියෙකුට අදාළ ජාන සැලසුම වෙනස් කිරීම මින් අදහස් කෙරේ. මෙවන් ජීවියෙකුට උත්පත්තිය දුනහොත්, ඔහු ප්‍රකාශ කරනුයේ අමුතුම ආකාරයේ ලක්‍ෂණ සංයෝජනයකි. එය තම ‘වරිගයට’ හෝ පරම්පරාවට අයත් ගතිගුණ හෝ ලක්ෂණ නොවෙනු ඇත. මිනිසා එවැනි දෑ කරන්නේද තම අවශ්‍යතා වෙනුවෙන් ඔහුගේ වාසියටය.

බඩඉරිඟු ශාකයේ ජාන වෙනස්කිරීම එක උදාහරණයකි. ඒ හරහා විද්වතුන් විසින් ග්ලයිෆොසෙට් වැනි වල්නාෂක සමග ගැටුනාට නොමැරෙන බඩඉරිඟු නිපදවා තිබේ. දැන් මහා පරිමානයෙන් බඩඉරිඟු වවන විදේශික වගාකරුවන් හිතේ හැටියට, කිසිදු පරිස්සමකින් තොරව වල් මර්දනය සඳහා වගාවන්ට ග්ලයිෆොසෙට් යොදනු ලබන අතර, වගාවේ ඇති සියලුම පැලෑටි ග්ලයිෆොසෙට් වැදී මැරුණත්, බඩඉරිඟු මැරෙන්නේ නැත. මේ හරහා වගාකරු වඩාත් පහසුවෙන් හා අඩු වියදමකින් තම වගාවේ වල්පැල මර්දනය කරගනී.

එහෙත් වැඩි වැඩියෙන් ඉසිනු ලබන ග්ලයිෆොසෙට් බඩඉරිඟු ශාක හා රැඳී තිබී අස්වැන්නට එකතුවීමෙන් සිදුවෙන අවදානම ගැන ඔහු සිතන්නේ නැත. ගණන් හිලව් අතරට අයත් නොවෙන එවැනි දෑ ගැන ආත්මාර්ථකාමී ගොවියා කිසිදු තැකීමක් නොකරයි. ඔහු නොසලකා හැරියත්, එම අවදානම භාරගන්නට වෙන්නේ, ජාන වෙනස්කල බඩඉරිඟු යොදා සාදන සත්ව ආහාර අනුභව කරන සතුන්ටත්, එම සතුන් මරා මස් කන මිනිසුන්ටත්ය. මේ නිසාම ඇතැම් රටවල් ජාන වෙනස්කර නිපදවන ලද බෝග අස්වැන්න ප්‍රතික්ෂේප කිරීමට නීති මගින් කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවද ඉන් එක රටකි.

පාරම්පරික සහල් වශයෙන් ලේබල් ගසා ගිනි ගණනට අලෙවි කරන ඇතැම් හාල් පැකට් වල සඳහන් වෙන තොරතුරු සනාථ කරගත්තේ කුමන විද්‍යාගාරයකදී, කිනම් පර්යේෂණ හරහාදැයි විමසන්නට කෙනෙක් පාරිභෝගිකයින් අතර නැත. අරකට මේකට හොඳයි යනුවෙන් සඳහන් වෙන තොරතුරු වැඩි ප්‍රමාණයක් කටකතා මත පදනම් වූ ඒවා මිස පර්යේෂණ මගින් සනාථ කරගත් ඒවා නොවේ.

දේශීය සහල්වල ගුණ ගැන කියන මිත්‍යා කතාවේ ඇත්ත – නැත්ත

ජාන වෙනස් කල ආහාර නොහොත් ජී.එම්. ආහාර (Genetically Modified Food) මෙරටටද ගොඩ බෑම තහනම්ය. තහනම ඉවත්කර ගැනීමට අවශ්‍ය වන්නේ ආහාර තොගය ජී.එම්. නොවන බවට නිෂ්පාදකයාගෙන් ලබාගත් සහතිකයක් පමණි. ඉන් ඔබ්බට සොයා බැලීමක් ඇතැම්විට මෙහිදී සිදු නොවිය හැකිය. කුඩා ප්‍රමාණයේ අසුරුම්වලින් පවා අප වෙතට එන සැකසූ ආහාර පැකට්වල ජාන වෙනස් කල දෑ අන්තර්ගත නොවේ යන්න සඳහන් වන්නේද, ප්‍රධාන වශයෙන්ම මෙරටදී ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා සනාථ කරගත් කරුණු මත නොව, ආනයනික තොගය සමග ලැබුණු ඉහත දැක්වූ සහතිකය කෙරෙහි තැබූ විශ්වාසය මතය. ආහාර ඇසුරුමක යමක් සඳහන් කලයුතු ආකාරය දැක්වෙන නීතිරීති මෙන්ම ආචාරධර්මද තිබේ. ඒවා අපේ රටේ භාවිතා වෙන ආකාරය ගැන කතාකිරීම පවා නිෂ්පල කරුණකි.

පාරම්පරික සහල් වශයෙන් ලේබල් ගසා ගිනි ගණනට අලෙවි කරන ඇතැම් හාල් පැකට් වල සඳහන් වෙන තොරතුරු සනාථ කරගත්තේ කුමන විද්‍යාගාරයකදී, කිනම් පර්යේෂණ හරහාදැයි විමසන්නට කෙනෙක් පාරිභෝගිකයින් අතර නැත.

අරකට මේකට හොඳයි යනුවෙන් සඳහන් වෙන තොරතුරු වැඩි ප්‍රමාණයක් කටකතා මත පදනම් වූ ඒවා මිස පර්යේෂණ මගින් සනාථ කරගත් ඒවා නොවේ. මේ සහල් මිලට ගන්නේත්, සාමාන්‍ය පාරිභෝගිකයින් නොවන නිසා එතරම් සිත නරක් කරගන්නටද උවමනා නැත. සිල්ලරට හාල් විකුණන ගෝනි දෙස බලා මිල ගණන් විමසනවා මිස, රාක්ක වල අසුරා ඇති කිලෝව රුපියල් දෙසීයත් පන්නවන මේ සහල් පැකට් දෙස සාමාන්‍ය ජනතාව බලන්නේවත් නැත. කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සහල් පැකට් වල ලියා ඇති ගුණාගුණ ඉස් මුදුනින් පිළිගන්නා පාරිභෝගික පැලැන්තියක්, ‘ජාන වෙනස් කල ද්‍රව්‍ය අඩංගු නොවේ’ යන ලේබලය ඇස් වසාගෙන විශවාස කිරීම ගැනද පුදුම වියයුතු නොවේ.   

ජාන වෙනස් කිරීම යනු

ජාන වෙනස්වීම යනු ජීවීන්ගේ ප්‍රජනනයෙදී අනිවාර්යයෙන්ම පාහේ සිදුවන්නෙකි. ඒකසෛලික ඇමීබා වැනි සතෙක් හෝ ගැඩවිල් පණුවෙක් වැන්නෙක් දෙකඩ කැඩී අලුත් සතුන් දෙදෙනෙක් බිහිවෙත්දී නම් දරුවන් දෙදෙනාගේ ජාන වෙනස්වී නැත. එසේ වුවත් ගැහැණු පිරිමි පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සිදුවෙන ලිංගික ප්‍රජනනයේදී නම්, බිහිවෙන දරුවන්ගේ ජාන අනිවාර්යයෙන්ම දෙමාපියන්ගේ ජාන වලට වඩා වෙනස්වන අතර දරුවන්ගේ ඇත්තේ එම ගොනු දෙකෙහි  සංකලනයකි. එනම් මෙම දරුවන් ‘පොතේ හැටියට’ කියනවානම් ජාන වෙනස්වූ ජීවීන්ය. තවද ඒවා සිදුවන්නේද ස්වාභාවිකවය. කලයුතු හෝ සිදුවෙන වෙනස දන්නේද ස්වභාවධර්මය පමණි.

සොබාදහමේ මෙම ලක්ෂණ මිශ්‍රවීමට ‘ඇඟිලි ගසන’ කෘෂි විදවතුන් විසින්ද තම විද්‍යාත්මක දැනුම උපයෝගී කරගනිමින් අලුත් බෝග මාදිලි නිපදවීම සිදුකරයි. එතනදී පළමුවෙන් ඔවුහු තමාට කැමති ගති ලක්ෂණ සහිත මව් හා පිය ශාක තෝරාගනී. අනතුරුව ඒවා එකිනෙක මුහුම් කරවනුයේ පර පරාගනය නමැති සංසිද්ධිය ඔස්සේය. මේ හරහා සුවිශාල දරු පරම්පරාවක් බිහිකරගන්නා ඔවුහු එම දරුවන් අතර තමාට රුචි ලක්ෂණ එකට ගාල් කරගත් දරුවන් ඇතිදැයි පරිස්සමින් සොයා බලති.

විශාල දරු පරම්පරාවක් බිහිකර ඒවා පිරික්සීමේදී කීපදෙනෙක් හෝ සොයාගැනීමත් එතරම් අපහසු නොවේ. මුහුම සිදුකරන විද්වතාගේ ‘අත්ගුණය’ හොඳනම්  බොහෝවිට වැඩේ ඉක්මනටම හරියයි. එසේ තෝරාගන්නා දරුවන්ව තවත් පරම්පරා ගණනාවක් තිස්සේ වගාකරමින්, අදාළ ලක්‍ෂණ ගොනුව මගදී හැලෙන්නේ නැතිව විශ්වාසදායී ලෙස පරම්පරා හරහා ඉදිරියට යන්නේ යයි තහවුරු කරගත හැකිනම් පමණක් ‘නව ප්‍රභේදයක්’ ලෙස එය හඳුන්වාදෙනු ලැබේ.

බෝගයටවත්, මිනිසාටවත්, පරිසරයටවත් මෙම ඇඟිලි ගැසීම හරහා කිසිදු අවැඩක් සිදුවී නැති බව දැන් පැහැදිලිය. වර්තමානයේදී මෙරට වගාකරන, ඉහත දැක්වූ වැඩි දියුණුකළ වී ප්‍රභේදයන් සියල්ල මේ ආකාරයට බිහිකළ ඒවා වේ. මිනිසාගේ සහභාගිත්වයෙන් සිදුව ඇත්තේ රටෙහි ආහාර සුරක්ෂිතතාවයට උරදිය හැකි දරුවා තෝරාගෙන ඉදිරියට බෝකිරීම පමණි.

නවීන විද්‍යාවේ කියවෙන ජාන වෙනස් කල ජීවීන් යනු මේවා නොවේ. ශාකයක, සතෙකු තුල පමණක් නොව අඩු තරමින් බැක්ටීරියා වයිරස් වැනි ක්ෂුද්‍රජීවියෙකු තුල හෝ පවතින ජාන සැලැස්ම හෝ සංයුතිය, විද්‍යාගාරයක් තුලදී කෘතිමව වෙනස්කර අලුත් ජාන සැලැස්මක් සහිත ජීවියෙකු තැනුවේ නම්, එම ජීවියා ජාන වෙනස්කල ගණයට වැටේ.

මොවුන් දරන ජාන රටාව සොබාදහමේ පවතින්නක් නොවේ. අඩු තරමින් දෙදෙනෙකුගේ සහභාගිත්වයෙන් සෑදෙන දරු පරපුරක හෝ තිබෙන සංයුතියක්ද නොවේ. විද්‍යාඥයින්ගේ මැදිහත්වීමෙන් කරන මෙම විපර්යාසය ජාන ඉංජිනේරු විද්‍යාව ලෙසද හඳුන්වන අතර ලෝකයේ මුලින්ම මේ හරහා නිපදවූයේ කැනමයිසින් නමැති ප්‍රතිජීවක ඖෂධයට ඔරොත්තු දෙන බැක්ටීරියාවක්ය. ඒ 1973 දීය. පළමු සත්වයා ලෙස බිහිවූයේ 1974 දී ජාන වෙනස්වූ මීයෙකි.

පළමු ශාකය ප්‍රසූතිය ලැබුවේ 1982 දීය. එය වනාහී ප්‍රතිජීවක වලට ඔරොත්තු දෙන දුම්කොළ ශාකයකි. ඒ වන විට අප වැඩිදියුණු කල වී ප්‍රභේද 29 ක් සාදා අවසන්ය!!. අපේ විද්වතුන් ඒවා හැදුවේ ජාන වෙනස් කිරීමෙන් යයි කියන කණ්ඩායමට දැන් ඉතින්  ඉතිරිව ඇත්තේ ලෝක ඉතිහාසය අලුතින් ලියන්නටයි. එයටත් යම්කිසි සුදුසුකමක් අවශ්‍ය නිසා, ජාන වෙනස් කිරීමේ බාලාංශ පාඩම් උගන්වන නයිට් ක්ලාස් එකකටවත් ගොහින් එන්නේ නම් වඩාත් හොඳය.     

පුදුමය වන්නේ ජාන වෙනස්කල ජීවීන්ගේ අගුණ දකින කිසිම කෙනෙක් මේ දක්වා මෙම සංසිද්ධිය විවේචනය කිරීමට වෛද්‍ය  ක්ෂේත්‍රය තුලින් හෝ ඉන් පරිබාහිරව හෝ ඉදිරිපත් නොවීමයි. ඔවුහු නෑසූකන්ව සිටී. එසේ සිටිමින් වී පර්යේෂකයින්ගේ සුජාත දරුවන් වූ වැඩි දියුණු කල වී ප්‍රභේදයන්ට කැලෑ පත්තර ගසති.

ජාන වෙනස් කිරීම ගැන තව දුරටත්

කිසියම් ප්‍රාණියෙකු ජාන වෙනස් කල තත්වයට පත්වන්නේ ඔහුට අයත් නොවන  පිටස්තරයෙන් හඳුන්වාදෙන ආගන්තුක ජාන මගින් මූලික ජාන සංයුතිය වෙනස් කලවිටදීය. මීට කදිම උදාහරණයක් වන්නේ හියුමුලීන්  (Humulin) නමැති නිෂ්පාදනය ලබාගැනීම උදෙසා ජාන වෙනස්කල බැක්ටීරියා වර්ගයක් නිපදවීමයි.  මිනිසාගේ රුධිරගත සීනි ප්‍රමාණය යාමනය කරනු ලබන්නේ අග්න්‍යාශය නමැති අවයවය මගින් නිපදවන්නා ඉන්සියුලින් නම් හෝර්මෝනය මගිනි.

ඉන්සියුලින් නිපදවීමට අදාළ සංඥා සලකුණ සහිත ජාන මිනිස් සිරුරේ තිබේ. එම ජාන වෙන්කරගෙන එස්චරෙචියා කෝලයි නොහොත් ඊ කෝලයි නමැති බැක්ටීරියාවේ ජාන වලට  බද්ධ කරගන්නට මිනිසා සමත්වී තිබේ. දැන් මෙය ජාන වෙනස් කල බැක්ටීරියාවකි. මන්දයත් එය දරන ජාන වලින් කොටසක් ඔවුනට අයිති නැති, මිනිසාට අයත් ඒවා වීමයි. අදාළ සංඥා ජාන දරන නිසා මෙම බැක්ටීරියාවටද දැන් ඉන්සියුලින් නිපදවන්නට පුළුවන. බැක්ටීරියා වේගයෙන් ගුණනය වේ.  ඔවුන් වේගයෙන් ගුණනය වෙනවා යනු මෙම ජානද වැඩි වැඩියෙන් නිපදවීමකි. යම් වර්ධක මාධ්‍යයක මෙම බැක්ටීරියා වගා කරමින් අස්වැන්න ලෙස ඉන්සියුලින් ලබාගැනීම සිදුකරන අතර පිටතින් ඉන්සියුලින් හෝර්මෝනය දියයුතු දියවැඩියා රෝගීන්ට ලබාදෙන්නේ හියුමුලීන් වශයෙන් වාණිජව අලෙවිකරණ, බැක්ටීරියා මගින් නිපදවන මෙම ද්‍රව්‍යයයි.

පුදුමය වන්නේ ජාන වෙනස්කල ජීවීන්ගේ අගුණ දකින කිසිම කෙනෙක් මේ දක්වා මෙම සංසිද්ධිය විවේචනය කිරීමට වෛද්‍ය  ක්ෂේත්‍රය තුලින් හෝ ඉන් පරිබාහිරව හෝ ඉදිරිපත් නොවීමයි. ඔවුහු නෑසූකන්ව සිටී. එසේ සිටිමින් වී පර්යේෂකයින්ගේ සුජාත දරුවන් වූ වැඩි දියුණු කල වී ප්‍රභේදයන්ට කැලෑ පත්තර ගසති.

ආචාර්ය ධනපාල මහතා පෙන්වාදෙන පරිදි, සුද්දාගේ සමයේදී මෙරට වැවූ අක්කරයකට බුසල් 13 ක පමණ අඩු අස්වැන්නක් ලබාදුන් වී වර්ග ‘ඔරිජිනල් බඩු’ ලෙස ඔසවා තබන්නට මෙම කැලෑ පත්තර හරහා ඔවුහු උත්සාහ දරති. ඒවායින් අක්කරයකට බුසල් 80 ක් පමණ අස්වැන්න ලැබිය හැකි බවට සංඛ්‍යාලේඛන දත්තයන් පෙන්වති.

තත්වය එසේ නම් 40 දශකයේදී කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ධුරයේ සිටි රින්ඩ් නමැති සුදු මහත්මයා ට්‍රොපිකල් ඇග්රිකල්චරිස්ට් සඟරාවට ලියා ඇත්තේ ගල් පැලෙන කෙප්පයක්ය. ඒ මත ක්‍රියාත්මක වෙමින් වීරරත්නලා සේනාධීරලා හා ධනපාලලා ඇතුළු වී අභිජනන විද්වත් කණ්ඩායම අව්වට කරවෙන කුඹුරු ලියැදිවලට බැස, මඩ නාගෙන සරඹ කර ඇත්තේ පෙර කල කරුමයකටය.

රටේ කරුමය වන්නට ඇත්තේ සාම්ප්‍රදායික වී ප්‍රභේද වගාකර රට සහලින් ස්වයංපෝෂණය කරන්නටත්, ආහාර සුරක්ෂිතතාවය රඳා ගන්නටත් හැකියයි විශ්වාස කරන කණ්ඩායම, රින්ඩ් අධ්‍යක්‍ෂවරයාගේ සමයේ මෙරට ඉපදී නොසිටීමයි. කාලය දේශය දීපය බලමින් මේ යුගයේදී ඔවුන් මෙහි පහළවී ඇත්තේ, ජාන වෙනස්කල සහලින් ස්වයංපෝෂණය වී ඇති මෙරට ජනතාව විපතින් මුදාගෙන, ඔරිජිනල් ජාන තිබෙන මිල්චාඩ් හාල් පිටරටවලින් ගෙනැවිත් කවන්නට විය හැකිය.

ඔබට ටික දෙනෙක් රැවටිය හැකිය. සෑමදෙනාම ටික කලකට රැවටිය හැකිය. එහෙත් සෑමදෙනාම හැමදාමත් රැවටිය නොහැකිය. ප්‍රස්තා පිරුලක එසේ ලියා තිබුණි.