සැමියා යටට බිරිද යැයි පිරුල ලියවෙද්දී සමනළ වංශයේ රනිල් ළගට අකිල යැයි ජනතාව පවසයි….

සැමියා යටට බිරිද යැයි පිරුල ලියවෙද්දී සමනළ වංශයේ රනිල් ළගට අකිල යැයි ජනතාව පවසයි….
Spread the love

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානයේ සිදුවූ වැදගත්ම වෙනසක් නම් පක්ෂයේ මහලේකම් හෙවත් එජාපයේ නායකයා ලඟට බලවත්ම තනතුර වන මහ ලේකම් තනතුරට අකිල විරාජ් කාරියවසම් නමැති රනිල්ගේ කොල්ලෙකු පත්වීම හැදින්විය හැක. අධ්‍යාපන ඇමැතිකම වැනසු මොහු කෙසේ එජාපය හදන්නද? කජන විඥාණය ඇත්තේ එතනය…

වඩාත්ම විහිළුව වන්නේ පක්ෂ මහලේකම් ධූරයට පත්වීමෙන් පසු මාධ්‍ය ඇමැතූ අකිල විරාජ් පැවසු කතාවය.

“ පක්ෂයේ මහලේකම් ලෙස මා පත් කිරීම ගැන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් පක්ෂ නායකත්වයටත් මං ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අමාරු වෙලාවක, පක්ෂය පසු බෑමකට ලක්වූ වෙලාවක මං මේ අභියෝගය බාර ගන්නේ.  අපේ කණ්ඩායමත් එක්ක දැවැන්ත වෙනසක් කරන්න මං බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ  මට ලොකු විශ්වාසයක් තියෙනවා සියළුම දෙනාගේම සහයෝගය අරගෙන කණ්ඩායමක් විදිහට මේ පක්ෂය සංවිධානය කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ගම පිළිබඳවත් නගරය පිළිබඳවත් හොඳට දන්න කෙනෙක් විදිහට මං විශ්වාස කරනවා අපිට විශාල වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා.

ඒ වගේම මට වුවමනා වෙලා තියෙන්නේ. සිරිකොත ගමට ගෙනියන්න. සිරිකොත ගමට ගෙන යෑමේ වැඩ පිළිවෙල අපි ආරම්භ කරනවා අද ඉඳලම.

මලේකම් වරයා වශයෙන් මම පක්ෂය තුල සාධාරණව කටයුතු කරලා ලොකු වෙනසක් කරනවා. ඒ නිසා මං ජනතාවගෙනුත් ඉල්ලනවා ලොකු වෙනසක් කරන්න එක්සත් ජාතික පක්ෂය වටා එකතු වන්න. සිරිකොත ගමට ගෙනයන වැඩ පිලිවෙලට දායක වන්න කියලා මං ඉල්ලනවා.“

අපට අසන්නට ඇත්තේ ‍ ගමට යන්නේ රෙදි ඇදගෙනද යන්න පමණි……