සැර කතාවකින් පසු අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි…

සැර කතාවකින් පසු අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි…
Spread the love

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බව අමෙරිකාව ප‍්‍රකාශ කර තිබෙනවා. ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ මානව හිමිකම් කවුන්සිලය පක්ෂග‍්‍රාහීව කටයුතු කරන බවයි. 

කුහක සහ ආත්මාර්තකාමීව කටයුතු කිරීම හේතුවෙන් අද වනවිට මානව හිමිකම් විහිළුවකට ලක්ව ඇති බවයි අමෙරිකාව චෝදනා කළේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිකී හේලී සිය රටේ තීරණය නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් සංඛ්‍යාව 47ක්.