සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන විද්වත් වාර්තාවක් ජනපතිගෙන් එස්බී ඉල්ලයි

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන විද්වත් වාර්තාවක් ජනපතිගෙන් එස්බී ඉල්ලයි
Spread the love

කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව අත්සන් කළ බව කියන ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් පත්කර වාර්තාවක් ලබා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීම රටට වාසිදායක බව සඳහන් කළ දිසානායක මන්ත්‍රීවරයා එය කළ යුත්තේ විනිවිද භාවයකින් යුතුව බව පුංචි බොරැල්‍ලේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී සිකුරාදා (03) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මෙම ගිවිසුමට අනුව ආනයනය හා අපනයනය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී තිබෙන බැවින් ඒ පිළිබඳ විද්වත් වෘත්තිකයන් ඇතුළත් කමිටුවක් මගින් අදහස් ලබාගත යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.