සියදිවි නසාගත් කොළඹ ප්‍රසිද්ධ පාසලක සිසුවිය මියයන්න කලින් වෙච්ච දේවල් හෙළිවෙයි

Spread the love

පසුගිය 15 වනදා තම නිවසේ කාමරයක් තුළ ගෙල වැලලාගෙන මිය ගිය කොළඹ විදුහලක 15 හැවිරිදි සිසුවියගේ මරණය ගැන සාක්ෂි විභාගයේ දී කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

එම සාක්‍ෂි විභාගය පැවැත්වුණේ කළුබෝවිල රෝහල් උසාවියේදීයි.

දිවිනසාගෙන ඇත්තේ කොළඹ 05, විජය කුමාරතුංග මාවතේ පදිංචිව සිටි සචින්තනා නමැති 15 හැවිරිදි සිසුවියක්.

හදිසි මරණ පරීක්‍ෂකවරයා හමුවේ පැවැති සාක්‍ෂි විභාගයේ දී මියගිය දැරියගේ මව- තනුජා තුෂාරී කාරියවසම් එදා සිදු වූ දේ පවසා තිබෙනවා.

“කොළඹ විදුහලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු දුවට වෙනත් අසනීපයක්‌ තිබුණේ නැහැ. ඇගේ පසුපස පිරිමි ළමයකු එන බව මට දැනගන්න ලැබුණා. මම ඇයට අවවාද කළා. දවසක්‌ මගේ ෆෝන් එකටත් කෝල් එක්‌ක ආවා.”

“අනතුරුව මා ඇයගේ ක්‌ලාස්‌ එක ළඟටත් නිතර ගියා. පසුගිය දිනක මගේ ෆෝන් එකට SMS එකක්‌ ආවා. එහි තිබුණේ “හාද” කියලයි.”

“මට සද්දයක්‌ ආ නිසයි බැලුවේ. ඊට පෙර SMSවලට ඇය පිළිතුරු යවා ඒවා ඩිලීට්‌ කරන්න ඇති කියලා හිතනවා. මම ඇයට අවවාද කර කීවා මීට පස්‌සේ මගේ ෆෝන් එක ගන්න එපා කියලා.”

‘ඊට පහුවදා දවස පුරාම දුව කාමරයට වෙලා හිටියා. ඇය කතා කළේ ම නැහැ. මම හවස ආයේ ඇයගෙන් ඇහුවා කතා කරන්නේ නැත්තේ ඇයි කියලා. ඒත් ඇය කතා කළේ නැහැ. මට එයාගේ හැසිරීමට කේන්ති ගියා. මා පාරවල් දෙකක්‌ ඇයට ගැහුවා. ඊට පසුව ඇය කාමරයේ දොර වසා ගත්තා.”

“මීට පෙර ඇය තම අත පිහියකින් සූරාගෙන තිබුණා. මම එවෙලෙත් ඇහුවාම කිව්වා කේන්තියට මම කපාගත්තා කියලා. කාමරයේ දොර වහගත්තාට පසු මමයි, අනෙක්‌ දුවයි දෙන්නම උත්සාහ කළා දොර ඇරගන්න. ඒත් ඇය දොර ඇරියේ නැහැ. ලොකු දුව කණ්‌නාඩියක්‌ දොර අස්‌සෙන් දාලා බැලුවා. ඇගේ කකුල් දෙක පමණයි දුටුවේ.”

” අපිට බය හිතුණා. පසුව උඩ ඉන්න ගේ අයිති අයියලාට අපි කතා කළා. අනතුරුව ඔහු පැමිණ කාමරයේ දොර කඩා බැලුවා. එහිදී මම දැක්‌කා දුව කාමරයේ එල්ලී සිටිනවා. පසුව ගෙවල් ළඟ අයයි මමයි එකතු වෙලා දුව කළුබෝවිල රෝහලට රැගෙන ආවා. රෝහලේදී දැනගත්තා දුව මියගොස්‌ ඇති බව. ඇය විසින්ම මේ දේ කරගත් බව මට විශ්වාසයි.”

මෙම මරණය සිත් තැවුලක්‌ හේතුවෙන් දිවි නසා ගැනීමක්‌ බව කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තීරණය කළේ ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙනයි.

මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළේ ද කළුබෝවිල රෝහලේදී.

[rns_reactions]